වසර හතරකට පසු උදා වූ හොඳම ජූනිය!

Date:

කොළඹ LNW:වසර හතරකට පසු වාර්තා ගත ලෙස පසුගිය ජූනි මාසයේ සංචාරකයන් 100,388 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව වසර හතරකට පසුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන ජූනි මාසය, මේ ජූනි මාසය බවයි එම අධිකාරිය සඳහන් කරන්නේ.

වසරේ ගෙවුණු මුල් මාස හය තුළ පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් ගණන 624,874 ක් වන තර 2022 වසර හා සසදා බැලීමේ දී එය 206% ක වර්ධනයක් ලෙස දැක්වෙයි.

එහෙත්, රට තුළට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන 2018 වසර හා සසදා බැලීමේ දී මේ වසරේ මුල් මුල් මාස හය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 46% ක අඩුවක් පවතින බව ද සඳහන්.

කෙසේවෙතත් යළි ක්‍රමානුකූලව සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින අතර ඊට අදාළ නව්‍යතා ඉදිරියේදී හඳුන්වා දීමටද නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නායයෑම් පිළිබඳ විශේෂ අනතුරු හැඟවීමේ නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය...

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...