උපුල් කුමරප්පෙරුම කොඩි ගහ යටදි සසුන්ගත වෙයි!

Date:

ජාතික ජන බලවේගයේ ප්‍රධානියකු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහණවී ඇතැයි රාවයක් පැතිරයමින් තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වුයේ, ITN නාලිකාවේ විකාශනය වන ජගත් මනුවර්ණගේ ‘කොඩි ගහ යට’ ටෙලි නාට්‍යයේ හාමුදුරු කෙනෙකුගේ චරිතයට පනපෙවිමට උපුල් කුමරප්පෙරුම තෝරාගෙන ඇති බවයි.

නීතිඥ උපුල් කුමරප්පෙරුම මිට වසර 30කට පමණ ඉහතදී ‘ජුලිය’ , ‘මයා දොරටු’ වැනි යොවුන් නාට්‍ය ගණනාවක රංගන ශිල්පියකු ලෙස සිය ප්‍රතිභාව ප්‍රදර්ශනය කල අයෙකි.

1993 වසරෙදී ඔහු රඟපෑ ධනංජය කරුණාරත්නගේ ‘ජුරිය’ නාට්‍යයට යෞවන රාජ්‍ය සම්මානයද හිමිව තිබිණ.

ජ්‍යෙෂ්ඨ නීතිඥ උපුල් කුමරප්පෙරුම පසුගිය මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කළේය.

මෙහි අනෙක් භික්ෂු චරිතය නිරුපණය කරන්නේ ජාතික ජන බලවේගයේ නීතිඥ  සුසන්ත දොඩාවත්තයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු. මි. 250ක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08, කොළඹ LNW : හදීසි ආපදා තත්ත්‍වයෙන්...

ජපානයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබල භූකම්පනයක්: සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 , (අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ රික්ටර්...

වැඩබලන අගවිනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ දිවුරුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල වැඩබලන අගවිනිසුරුවරයා වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති...