හිඟ ඖෂධ 90 දැන් 190ක් වෙලා. ඇමති මොනවා කිව්වත් තත්ත්වය ඉතාම නරකයි!

Date:

කොළඹ LNW:සෞඛ්‍ය ඇමති මොන කතාව කිව්වත් 90ක් ව පැවති හිඟ ඖෂධ ප්‍රමාණය 190ක් දක්වා වැඩි වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසන්නේ රටේ සෞඛ්‍ය පද්ධතිය නරක අතට හැරෙමින් පවතින බවයි.

ඖෂධ හිඟය පැමිණියේ මුදල් අර්බුදයක් හේතුවෙන් බවට කරුණු දක්වන සෞඛ්‍ය අමාත්‍යවරයාට ඊට විසඳුම් පෙන්වා දුන්නේ මීට වසරකට පමණ පෙර සිට බව හෙතෙම සඳහන් කරයි.

”සෞඛ්‍යය ඇමති කියනවා මේ බෙහෙත් ප්‍රශ්න ආවේ සල්ලි නැති නිසා කියලා. සෞඛ්‍යය ඇමති ප්‍රශ්නවල කෙළවරක් අල්ලගන්න පුරුදු වෙලා තියෙනවා. සෞඛ්‍යය ඇමතිට අපි විසදුම් පෙන්නලා දැන් අවුරුද්ක් වෙනවා. තාමත් හදිසි මිලදි ගැනිම් එහෙමමයි. බෙහෙත් ප්‍රශ්න විසදන්න කාල වකවානු දෙන්න පටන් අරන් සෞඛ්‍යය ඇමති. සෞඛ්‍යය ඇමති කියනවා තොරතුරු දෙන්න වංචා දූෂණ තියෙන අයට එරෙහිව ක්‍රියා කරනවා කියලා. කවදාවත් වැරදි කරපු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක උනේ නෑ. දූෂිතයින් තවමත් ඉහලා පුටුවල ඉන්නවා අපිට දේශපාලකයෝ විශ්වාස කරන්න බැ. ඖෂධ හිගයට මුලා වෙලා මේ රටට බාල ඖෂධ එනවා කියලා චෝදනා ආවා. ඇස්වලට දාන බෙහෙත් සම්බන්ධව ගැටලු මතු වූණා. ප්‍රමිතිය සම්බන්ධව. පෙනීම අහිමි වුණු අයට වන්දි දෙනවා කියලා සෞඛ්‍යය ඇමති කියනවා. වන්දි දුන්න කියලා නැති වුණු ජීවිත ගන්න බෑ. වහාම පරීක්ෂණයක් කරන්න. නීතිය ක්‍රියාත්මක කරන්න ඒ අයට.” යනුවෙන් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...