ගෑස් මිල අඩු වුණත් ආපනශාලා සහ බේකරි කෑම මිලේ වෙනසක් නැහැ – රංජිත් විතානගේ

Date:

කොළඹ LNW:මේ වන විට ගෑස් මිල අවස්ථා තුනකදී අඩු කර තිබෙන නමුත් එම සහනය ආපනශාලා සහ බේකරි වෙතින් පාරිභෝගිකයාට ලැබී නැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කළේය.

එහි සභාපති රංජිත් විතානගේ මහතා අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ රජය ගෑස් මිල රු.6000සිට දෙදහස් ගණනකට අඩු කර තිබුණද ආපනශාලා සහ බේකරි හිමියන් එම සහනය ජනතාවට ලබා නොදෙන බවයි.

ගෑස් මිල අඩු වෙමින් තිබුණද තවමත් වැඩි වූ මිල ගණන් එලෙසම පවතින බව විතානගේ මහතා කියාසිටියේය.

”මෙම තත්ත්වය සම්බන්ධයෙන් රජය අවධානය යොමුකළ යුතුයි. දැන් ගෑස් මිල අවස්ථා තුනකදී අඩුකර තිබෙන නමුත් මෙහි වාසිය ලබා ගත යුත්තේ පාරිභෝගික ද එහෙම නැත්නම් වෙළෙඳ ව්‍යාපාරිකයාද යන්න තීරණය කළ යුතුවතිබෙනවා. පාරිභෝගිකයාට කිසිදු සහනයක් නැහැ. බේකරි හිමියන්ට සහ වෙළඳ හිමියන්ටයි දැන් සහන ලැබෙන්නේ. මෙම ගෑස් මිල අඩු කරන්නේ වෙළඳ හිමියන්ට ද මෙන්ම බේකරි හිමියන්ට ද ජනතාවට සහන මිලට නිෂ්පාදන ලබා දීමට. නමුත් රුපියල් 6000 ට වැඩි වෙච්ච අවස්ථාවේ පාරිභෝගික නිෂ්පාදනවල තිබුණ මිල තමයි අදටත් මේ රටේ තිබෙන්නේ. අපි රජයට නැවත නැවතත් කියන්නේ පාරිභෝගිකයන්ට මේ සහනය ලබාදීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අවස්ථා තුනක නෙමෙයි අවස්ථා 10 ක ගෑස් මිල අඩු කරත් මේ වාසිය පාරිභෝගිකයාට ලැබෙන එකක් නැහැ.
මේ රටේ විශාල පිරිසක් වෙළඳසල්වලින් ආහාර ලබා ගන්නවා. ඒ වගේම පාසල් ළමුන්ට උදෑසන ආහාර ලබා ගන්නවා. කවදාවත් සහනයක් ලැබෙන්නේ නැහැ කොපමණ ගෑස් මිල අඩු වුණත්. නමුත් මිල වැඩි වෙන හැම වතාවකදිම මෙම නිෂ්පාදනවල මිල හිතූ හිතූ ආකාරයට ඉහළ දැම්මා. අද රෑ 12 වෙද්දි ගෑස් මිල අඩු වුණත් හෙට උදෑසන නිෂ්පාදනවල මිල එලෙසමයි.”
යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...

ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?

සටහන – පුලී නොවැම්බර් 08, කොළඹ (LNW): මෙය පොදු මකුළු...

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...