ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට රූපලාවන්‍යාගාර වැසෙයි

Date:

තලේබාන් සංවිධානය විසින් කාන්තාවන් කෙරේ පනවන ලද නව වාරණයක් ලෙස රූපලාවන්‍ය මධ්‍යස්ථාන හා කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන වසා දැමීමට නියෝග කර ඇති බව වාර්තා වේ.

තලෙයිබාන් සංවිධානය මේ වන විට නව යොවුන් වියේ ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට පන්ති කාමර, ව්‍යායාම මධ්‍යස්ථාන සහ උද්‍යානවලට ඇතුළු වීම තහනම් කර ඇති අතර මෑතකදී ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කිරීම පවා තහනම් කර ඇත.

මොවුන් බලයට පත්වීමත් සමඟ ක්‍රමයෙන් කාන්තා නිදහස හැකිලී ගිය අතර කාන්තාවන්ගේ ඇස් පමණක් පෙනෙන ආකාරයට ඇඳ පැළඳ සිටිය යුතු බවත්, ඔවුන් කිලෝමීටර් 72 (සැතපුම් 48) ට වඩා වැඩි දුරක් ගමන් කරන්නේ නම් පිරිමි ඥාතියෙකු සමඟ පැමිණිය යුතු බවත් නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගන් කාන්තාවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, තලෙයිබාන්වරු ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උදුරා ගනිමින් සිටින බවත්, ඔවුන්ට කාන්තාවගේ ශරීරය පිළිබඳ අවධානය යොමු කරනවා විනා කිසිදු දේශපාලන සැළැස්මක් නොමැති බවත්ය.

සටහන – සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...