චමරි තිරය අරියි

Date:

මේ මොහොතේ ලෝක කාන්තා ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත් වෙන්නට චමරි අතපත්තු සමත්ව සිටිනවා.ඒ ඇය නවසීලන්තයට එරෙහිව ලබාගත් විශිෂ්ට සහ ප්‍රවේගකාරී ශතක දෙකෙන් පසුවයි.
චමරි ප්‍රසාද ලකුණු 758 ක් ලබා සිටින අතර ඇයට පෙර එම ස්ථානයේ පසු වූ ඕස්ට්‍රේලියාවේ බෙත් මූනි ලකුණු 754 ක් ලබා දෙවන තැන දක්වා පහතට පැමිණ තිබෙනවා.චමරිගේ විශිෂ්ඨ ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවට ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කාන්තා කණ්ඩායමකට එරෙහිව තරගයක් ජය ගැනීමට මෙන්ම තරගාවලියක් ජය ගැනීමට හැකියාව ලැබුණා.ඒ අනුව ඉදිරියේදී කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලදී ද ශ්‍රී ලංකාව ඉදිරියට එනු ඇතැයි සිතිය හැකියි.
චමරි මේ ගෞරවයන් සියල්ල අතරේ සිය මුහුණු පොතේ සටහනක් තබන්නේ නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් ලද කුසලානය පුහුණුකරු රුමේෂ් රත්නායක සමඟ අල්ලා ගෙනයි.එහි ඇය පහත ආකාරයට සටහන් කර තිබෙනවා.


The big man behind the seen.
He changed team culture and environment.
I’m so happy to working with you legend.
රුමේෂ් රත්නායක ආසියානු ක්‍රිකට් කවුන්සලයට සංවර්ධන පුහුණුකරු ලෙස පත් කළ දක්ෂ පුහුණුකරුවෙක්.එසේම ඔහු ජාතික පිරිමි කණ්ඩායම සමඟ ද පුහුණුකරු ලෙස වැඩ කර අත්දැකීම් ඇති පුහුණුකරුවෙක්.පුහුුණුකරුවෙක් ලෙස දෙස් විදෙස් අත්දැකීම් සහිත රුමේෂ් ගේ පත්වීම කාන්තා කණ්ඩායමට ආශිර්වාදයක් වූ බවයි චමරි ගේ වචන ඇතුළේ හැංගී තිබෙන්නේ.


කණ්ඩායම් පරිසරය සහ සංස්කෘතිය වෙනස් කර බව එහිසී චමරි පවසනවා.එහි ප්‍රතිපලයක් වශයෙන් කණ්ඩායම ජයග්‍රහණ මඟට පිවිස තිබෙනවා.ජයග්‍රහණය සඳහා අවශ්‍යය පරිසරය සහ සංස්කෘතිය ඒ දක්වා නොතිබුණ බවක් ද චමරිගේ වචන ඇතුළේ හැංගී තිබෙනවා.ඒ නිසා චමරි වගේම ඉදිරියටත් රුමේෂ් රත්නායක රැක ගැනීමත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට වැදගත් වනු ඇති
ජය ගැනීමට සෑම දෙයක්ම ජයග්‍රාහී ලෙස එකතු විය යුතුයි.ඒ එකතුව පුහුණුවෙන් ලබා දෙන රුමේෂිගේ දායකත්වයද අමතක නොකර රැක ගන්නට අවශ්‍යය වෙනවා.චමරි පවසන මේ තිරය පිටුපස අපට නොපෙනෙන දර්ශනය අතිශයින් ජයග්‍රහණයට වැදගත් බව කිව යුතුමයි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ 29 තෙක් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: පසුගියදා අල්ලස් කොමිසම මගින්...

සමාජ මාධ්‍ය මඟින් අධිකරණ තීන්දුවලට බලපෑම් කිරීම පිළිබඳ BASL වෙතින් අනතුරු ඇගවීමක්!

කොළඹ LNW:අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා...

ඉරානය යුදෙව් විරෝධී ප්‍රහාර මෙහෙයවන බවට ඕස්ට්‍රේලියාවෙන් චෝදනා..

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්,...

අද බන්ධනාගාරගතව සිටින්නේ රට තිරණාත්මක මොහොතේ බේරාගත් නායකයා – රුවන් විජයවර්ධන

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා විසින්...