නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා ආන්ද්‍රා මහ ඇමති හමුවෙයි!

Date:

කොළඹ (LNW): ආන්ද්‍ර ප්‍රදේශයේ  ප්‍රධාන අමාත්‍ය ජගන්මෝහන් රෙඩ්ඩි මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා හමුවී දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම, උක් හා මිරිස් ගොවිතැන් සහ ඖෂධ නිෂ්පාදන සමාගමක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කළේය.

BOI ඇඟලුම් උද්‍යානය සහ ත්‍රිකුණාමල වරායේ කර්මාන්තපුරයක් පිහිටුවීමට ආයෝජකයින් දිරිමත් කරන ලෙස සෙන්දිල් තොණ්ඩමාන් මහතා ආන්ද්‍රා ප්‍රාන්ත රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකික වයස්ගත බැතිමතුන් ගේ වයෝවෘද්ධභාවය හේතුවෙන් ශ්‍රී ලංකා බැතිමතුන්ට තිරුපති වෙත යාමට නොහැකි වී ඇත. ඔවුන්ගේ පහසුව සඳහා ශ්‍රී ලංකාවේ තිරුපති තිරුමාලා සඳහා කෝවිලක් ඉදිකරන ලෙස ඉල්ලීමක් ද ඉදිරිපත් විය. මෙම ඉල්ලීමට ප්‍රධාන අමාත්‍යවරයා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා තිබුණි. මෙම රැස්වීමේදී ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රධාන අමාත්‍යවරයා විසින් තිරුපති පෙරුමාල් ස්වාමිගේ ප්‍රතිමාවක් සෙන්තිල් තොණ්ඩමාන් මහතා වෙත පිරිනැමීය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය තානාපති ආචාර්ය වෙන්කේෂ් මහතා සහ ශ්‍රී ලංකා නිලධාරීන් සහභාගී විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...