එදා දයාසිරිව එළියට දැමූ මෛත්‍රී දැන් කියන කතාව

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල මහලේකම්වරයා වශයෙන් දයාසිරි ජයසේකර මහතාව පිළිගන්නා බව එම පක්ෂයේ හිටපු සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්තුමා දයාසිරි ජයසේකර නේද ?

“ඔව් ඔව්”

ප්‍රශ්නය – ඔබතුමා පිළිගන්නවාද ?

“අයියෝ, කිසි ප්‍රශ්නයක් නෑ”

ප්‍රශ්නය – ඔබතුමාමනෙ ඉවත් කළෙත් ?

“එයාව ඉවත් කරන වෙලාව වෙනකොට මේ අද තිබෙන තත්වය නෙවෙයි තිබුණේ”

ප්‍රශ්නය – දැන් දයාසිරි ජයසේකර මහත්තයා හෙට වැඩ බාරගන්නවා, ඔබතුමාටත් ආරාධනා කළාද ?

“නෑ. අපිට ආරාධනා ඕනෙ නෑ ඉතින්. මට මොකටද ආරාධනා. අපි යනවානෙ ඕනෙ එකකට”

ප්‍රශ්නය – එතකොට ස්ථිර සභාපති විජේදාස රාජපක්ෂ මහත්තයාද ?

“ඔව් ඔව්. ස්ථිර සභාපති විජේදාස රාජපක්ෂ තමයි”

ප්‍රශ්නය – එතකොට නිමල් සිරිපාල මහත්තයාත් ඉන්නවානෙ ?

“ඒ එයාට වෙන කොහෙන්දෝ හම්බුවෙච්ච එකක්. ලංකාවෙ එකක් නෙවෙයි ඒ”

ප්‍රශ්නය – නිමල් සිරිපාල මැතිතුමා කියලා තියෙනවා එතුමා මේ මහලේකම්තුමාව පිළිගන්නෙ නෑ, පක්ෂයෙන් ඉවත් කළා කියලා ?

“එතුමා පිළිගත්තෙ නැති වුණාට අධිකරණයෙන් පිළිඅරන් තියෙනවානෙ. එයා නීතීඥවරයෙක් විදියට මහ මෝඩ කතාවක්නෙ කියන්නෙ”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...