*
Monday, July 8, 2024
spot_img

Latest Posts

ජපන් හපන්කම් ඉදිරියේ විරේන් පසුබසියි

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 05, (LNW) කොළඹ :
CROWNE PLAZA Northern Marianas Open බැඩිමින්ටන් සූරතාවලිය නියේජනය කරන ශ්‍රී ලංකාවේ විරෙන් නෙත්තසිංහ ජපානයේ කෙයිසුකේ ෆුජිවාරා ඉදිරියේ පරාජයට පත් විය.19 හැවිරිදි විරේන් මෙවර ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමෙන් ඉනික්බිතිව සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය මෙය වන අතර මෙම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා ලෙස මේ නිසාම විරේන් තරගාවලිය නියෝජනය කරන අංක එක ක්‍රීඩකයා ලෙස වඩාත් අවධානයට ලක් විය.එසේම මෙවර පැරිසි ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කරන ලොව ලාබාලතම බැඩිමින්ටන් ක්‍රීඩකයා ලෙස ද කාගේත් අවධානයට ලක්වීම නිසා ද විරේන් මේ තරගාවලියේ දී මේ දක්වා නොලැබි ආකර්ශණයේ පීඩාවටද මුහුණ පෑ බව සිතිය හැකිය.

කෙසේ නමුත් ලොව අංක 90 දක්වා ඉදිරියට පැමිණි ඉතිහාසයක් ඇති සහ ඔලිම්පික් නියෝජනයේ දී 108 වැන්නා තෙක් ඉදිරියට පැමිණෙන්නට ද සමත් වූ 25 හැවිරිදි ෆුජිවාරා ලෝකය ඉදිරියේ පහළ ශ්‍රේණියක සිටින්නට එක හේතුවක් වන්නේ බැඩිමින්ටන් සංස්කෘතිය පුළුල් ලෙස පැතිර ඇති ජපානය වැනි රටක බිහිවන අතිදක්ෂ ක්‍රීඩක ගොන්නට සාපේක්ෂවය.එවැනි සංස්කෘතික පරාසයක ආවරණය සහිත ෆුජිවාරාට සමහර අවස්ථාවලදී ශ්‍රී ලංකාව වැනි රටක ක්‍රීඩකයෙක් අන්තර්ජාතික වශයෙන් වෙහෙස වී දුෂ්කර ලෙස උපයාගන්නා මට්ටමේ දස්කම් ස්වකීය රට ඇතුළත තරග කිරීමෙන් බොහෝ දුරට ආවරණය කර ගැනීමට හැකියාව ඇත යන්න නිබොරුය.


ඔලිම්පික් සුදුසුකම් ලැබීමෙන් පසුව ලබන පළමු අන්තර්ජාතික තරග අත්දැකීමට මෙන්ම ඒ නිසා තරගාවලිය තුළ ඇති වී තිබෙන ආගන්තුක ආකර්ශණය ද සමඟ තරග කරන විරේන් මේ තරගයේ දී ෆුජිවාරා සමඟ විනාඩි 41 ක තරගයක යෙදෙමින් ලකුණු 17 – 21 සහ 16 – 21 ලෙස පරාජයට පත් විය.විරේන් සිය ඔලිම්පික් අත්දැකීමට පෙර යළිත් ජූලි 9 වන දා සිට උතුරු මරියානා දූපත් හී ආරම්භ වන තවත් අන්තර්ජාතික තරගායකට ද මුහුණ දිමට නියමිත අතර එහිදී මීට වඩා ඉවසීමෙන් සහ කැපවීමෙන් සිය දක්ෂතා කළමණාකරණය කර ගනිමින් සිය ඔලිම්පික් සුදුසුකමට මිට වඩා බරක් තබන්නට උත්සාහ කරනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.එසේම සුබ පතන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan