දයාසිරිගේ කණ්ඩායම ඩාර්ලි පාර රැකවල්ලා ගෙන සිටියි – ශ්‍රීලනිප මූලස්ථානයට පොලිස් ආරක්ෂාවත් යොදවයි

Date:

කොළඹ LNW:කොළඹ 10 ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානය ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

ඊයේ දින මාධ්‍ය හමුවක් කැඳවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස තමන්ට තවදුරටත් නිල බලය ඇති බවට දයාසිරි ජයසේකර මහතා පැවසූ අතර සුපුරුදු පරිදි පක්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට අද (05) පෙරවරු 09.30ට තමන් පක්ෂ කාර්යාලයට පැමිණෙන බවත් ශ්‍රීලනිප පාක්ෂිකයින්ට ද එම අවස්ථාවට එක්වෙන ලෙස ජයසේකර මහතා ඉල්ලීමක් කළේය.

ඒ අනුව මේ වන විට පාක්ෂිකයින් පිරිසක් පක්ෂ මුලස්ථානය ඉදිරිපිටට පැමිණ සිටින නමුත් පොලීසිය විසින් කිසිවෙකුටත් පක්ෂ මුලස්ථාන පරිශ්‍රයට ඇතුල් වීමට ඉඩ දී නැහැ.

එම ස්ථානයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස දැනට පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන නිමල් සිරිපාල ද සිල්වා පාර්ශ්වය වෙනුවෙන් ඔහු ද පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන බවයි වාර්තා වුණේ.

ඒ අනුව පක්ෂ අභ්‍යන්තරයේ පවතින මෙම අර්බුදකාරී තත්ත්වය මත පක්ෂයේ මූලස්ථාන පරිශ්‍රය තුළ යම් කලහකාරී තත්ත්වයක් ඇති වුවහොත් එය වලක්වා ලීමේ අරමුණින් එහි ආරක්ෂවට පොලීසිය යොදවා තිබේ.

දයාසිරි ජයසේකර මහතාද ඊයේ පැවසුවේ පක්ෂ මුලස්ථානය තුළ බාධාවකින් තොරව කටයුතු කිරීම සඳහා පොලීසියේ සහය ඉල්ලා තිබෙන බවයි.

කෙසේවෙතත් තවමත් දයාසිරි ජයසේකර මහතා එම ස්ථානයට පැමිණ නොමැති බවද වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...