ගින්නක් හේතුවෙන් පැය 05ක් වසා තිබුණු A-9 මාර්ගය යළි විවෘත වේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජූලි 05, (LNW) මහනුවර : බේකරි නිෂ්පාදන අලෙවි කරන අකුරණ පිහිටි ප්‍රධාන පෙලේ ආයතනයක අද (05) උදෑසන හට ගත් ගින්න හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු මහනුවර – යාපනය ප්‍රධාන මාර්ගය යළි විවෘත කිරීමට පොලීසියට කටයුතු යොදා තිබේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් ගිනි ගැනීම සිදුව ඇතැයි සැක කරන අතර අද පෙරවරු 07.00ට පමණ ගින්න ආරම්භ වී ඇත. මේ හේතුවෙන් තෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර ඊට යාබදව පිහිටි ජාත්‍යන්තර පාසලකට හා තීන්ත අලෙවි සැලකට ද ගින්න ව්‍යාප්ත වී තිබේ.

ගින්න ආරම්භයත් සමඟ පාසලේ දරුවන් කඩිනමින් ඉවත් කිරිමට අලවතුගොඩ පොලිසිය හා ප්‍රදේශවාසීන් කටයුතු කළ අතර වෙළඳ සැලේ වූ තීන්තද විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා ගින්න තව දුරටත් පැතිරීම වැළැක්වී ඇත.

ගින්න පැතිරීම නිසා ජාත්‍යන්තර පාසලේ ගොඩනැගිලි හතරකට හානි සිදුව තිබේ.

මහනුවර නාගරික ගිනි නිවීමේ සේවා ඒකකයේ නිලධාරීන්, පොලිසිය හා යුද හමුදා නිලධාරීන් ප්‍රදේශවාසින් හා එක්ව ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත්වූ අතර පසුව අබලි ද්‍රව්‍ය ඉවත් කොට මාර්ගය සොදා දැමීමෙන් පසු මාර්ගය යළි විවෘත කොට තිබේ.

හානි වූ ගොඩනැගිල්ලේ කොටස් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමට ඉඩ ඇති බැවින් වාහන ධාවනයේදී සුපරික්ෂාකාරී වන ලෙස අලවතුගොඩ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...

අවශ්‍යයනම් දසුන්ට චන්දිමාල් ගත්ත තීරණය ඒ තරම්වත් කාලයක් නො‘ඉවසා ගන්න පුළුවන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 04 කොළඹ LNW: ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය...

ඩඩ්ලි සිරිසේන හෙලිකොප්ටරයක් ගන්න සිංගප්පූරු ගිහින් !

නිතර පුවත් මවන්නෙකු වී සිටින කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන...

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...