*
Monday, July 8, 2024
spot_img

Latest Posts

දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු පාසල්වලට විහිලුවක් වෙලා ද? දුක් විඳින දෙමාපියන්ගෙන් පැමිණිල්ලක්!

විශේෂ වාර්තාකරුවකු විසිනි

ජූලි 05, කොළඹ (LNW): ඉකුත් ජූනි මස සඳු දිනක කොළඹ 07 හි පිහිටි ජාත්‍යන්තර පාසලක දරුවන් දෙදෙනෙකු ගොඩනැඟිල්ලක් මතින් පැන සිය දිවි අහිමි කර ගැනීමේ ඛේදජනක පුවත බොහෝ දෙනෙකුගේ සිත් සසලකළ බව සැබෑවකි.

මෙම සිදුවීම එකී පාසලේ දරුවන් සහ දෙමාපියන්ට පමණක් නොව, මුලුමහත් ජනතාවටම රටේ අධ්‍යාපන පද්ධතියතුළ දරුවන්ගේ මානසික සෞඛ්‍යය වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ අවකාශයේ පවතින මඳකම පෙන්වා දෙනු ලබයි.

මෙම දරුවන් දෙදෙනාගේ දිවි අහිමිවීම බොහෝ මාධ්‍ය විසින් දැවැන්ත ශීර්ෂපාඨ ඔස්සේ වාර්තාකර තිබූ අතර, බොහෝ දෙනෙකුගේ සෝ සුසුම් මැද එම එම දරුවන් අවසන් ගමන් ගිය ද, එකී දරුවන් අධ්‍යාපනය හැදෑරූ කොළඹ 07 හි පිහිටි පාසලේ පරිපාලන අංශයට නම් ඒ පිළිබඳ එතරම් තැකීමක් නොමැති බවට LNW අප වෙත තොරතුරු ලැබී තිබේ.

ඒ අනුව, ප්‍රශ්නගත පාසලේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දෙමාපියන් විසින් මෙවන් ඛේදනීය තත්ත්වයන් ඉදිරියටත් ඇතිවීම වළක්වාලීම සහ දැයේ දරුදැරියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එකට එක්ව ව්‍යාපාරයක් ආරම්භකර තිබෙන බව වාර්තා වේ.

සිය දිවි නසා ගැනීම විහිලුවක් නොවේ! වෙනසක් අත්‍යාවශ්‍යයයි!

ඒ අනුව, දරුවන්ගේ දෙමාපියන් විසින් එකී ජාත්‍යන්තර පාසලේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා වහා ක්‍රියාත්මක කරවිය යුතු වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙන බව සඳහන්.

ප්‍රශ්නගත පාසලේ අධ්‍යාපනය හදාරන දරුදැරියන්ගේ මානසික සෞඛ්‍යය සඳහා පවතින සම්පත්වල ඇගයීමක් සිදුකොට එහි පවතින අඩුපාඩුකම් පුරවා, ඒ සඳහා පරිපූර්ණ පද්ධතියක් ක්‍රියාත්මක කරන ලෙසයි දරුවන්ගේ දෙමාපියන් එම ලිපිය ඔස්සේ පෙන්වා දී තිබෙන්නේ.

අදාළ ලිපිය ඔස්සේ, එම පාසලේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දෙමාපියන් විසින් පහත දැක්වෙන ප්‍රධාන කරුණු 04 කෙරේ අවධානය යොමුකොට වහා ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා ඇති බව LNW අප වෙත තොරතුරු ලැබී තිබේ:

  1. දැනට දරුවන්ගේ මානසික සෞඛ්‍යය සඳහා පවතින සම්පත්වල ඇගයීමක් සිදුකිරීම: දරුවන්ගේ මානසික සෞඛ්‍යය සඳහා දැනටමත් පාසලතුළ පවතින සම්පත්වල ගැඹුරු අධ්‍යයනයක් සිදුකොට එහි පවතින අඩුපාඩුකම් හඳුනා ගත යුතුය.
  2. පරිපූර්ණ මානසික සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම: මානසික සෞඛ්‍යය අතින් ඕනෑම ආකාරයක ගැටළු පවතින දරුවන් හඳුනාගත හැකි, එකී ගැටළු ආමන්ත්‍රණයකළ හැකි, එම ගැටළුවලට මැදිහත්විය හැකි සහ වළක්වාගත හැකි වැඩසටහන් සම්පාදනය කොට ඒවා ක්‍රියාත්මකකළ යුතු අතර, මෙය අතරමඟ නොනවතින ක්‍රියාදාමයක් විය යුතුය.
  3. අධ්‍යයන හා අනධ්‍යන කාර්යමණ්ඩල පුහුණු කරවීම: පාසලේ සේවය කරන ගුරුවරුන් සහ අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන් හට, මානසික සෞඛ්‍ය ගැටළු පවතින දරුවන් හඳුනාගෙන ඔවුනට උපකාරකළ හැකි තත්ත්වයට එකී කාර්යමණ්ඩලවල දැනුම හා කුසලතා ගොඩනැංවිය යුතුය.
  4. ආරක්ෂිත අවකාශයක් සහ සහාය ලබාදෙන සහචර පද්ධතීන් ගොඩනැඟීම: දරුවන්ට පවතින මානසික සෞඛ්‍ය අභියෝග සහ හැඟීම් කිසිඳු බියකින් තොරව ඔවුනට නිදහසේ ප්‍රකාශකළ හැකි ආරක්ෂිත අවකාශයන් ගොඩනැඟිය යුතු අතර, මෙම අවකාශයන්තුළ සිය ගැටළු හමුවේ දරුවන් කිසිඳු ආකාරයක අපකීර්තියකට හෝ විනිශ්චයකට ලක්නොවිය යුතුය.

ඛේදවාචකය හමුවේ මාධ්‍ය හැසිරුණු අන්දම සදාචාර සම්පන්න ද?

දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු කෙරේ සමාජ මාධ්‍යජාල සහ අසීමිත අන්තර්ජාල ප්‍රවේශයන් පැවතීමේ බලපෑම පිළිබඳව ද දෙමාපියන් සිය අවධානය යොමුකර තිබේ. මාර්ගගත අවකාශයතුළ පවතින අනවශ්‍ය අන්තර්ගතයන් දරුවන් හට සිදුකරන හානිය පිළිබඳව ආවේක්ෂණයක් සිදුවිය යුතු බවට පෙන්වා දෙන දෙමාපියහු එකී හානීන් පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ.

දරුවන්තුළ පවතින සාමාන්‍ය හැසිරීම්වලින් පරිබාහිර හැසිරීම් කලින් හඳුනා ගන්නා, සහ ඒ සඳහා මුල සිටම මැදිහත් වීමක් සිදුකරන පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මිතුරන්, දෙමාපියන් සහ ගුරුවරුන් එකට පෙළගැසිය යුතු බව එක් මවක් අප වෙත පැවසුවාය.

මෙවන් පද්ධතියක් නිර්මාණය කිරීමේ හදිසි අවශ්‍යතාවය මඟහැර යා නොහැකි හා වහා ක්‍රියාත්මකකළ යුතු පසුබිමක් තුළ, උක්ත ප්‍රශ්නගත පාසලේ පරිපාලන අංශය සමඟ මෙම යෝජිත වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට එම පාසලේ අධ්‍යාපනය හදාරන දරුවන්ගේ දෙමාපියන් සූදානම්වන බව ද අපට වාර්තා විය.

ඒ අතරම, මුද්‍රිත හා ඩිජිටල් ඇතුළු සියලු මාධ්‍ය, ඕනෑම වයසක පුද්ගලයකු සිය දිවි හානිකර ගැනීම, හෝ සිය දිවි හානිකර ගැනීමට තැත්කිරීම ආශ්‍රිත සිදුවීමක් වාර්තා කිරීමේ දී, තම පාඨක සංඛ්‍යාව හෝ ප්‍රසිද්ධිය ඉහළ නංවා ගැනීමේ පටු අරමුණින් තොරව, වඩාත් සංවේදීව හා වාරණයකින් යුතුව වාර්තාකළ යුතු බව ද එම පාසලේ අධ්‍යාපනය හදාරන දරුවකුගේ පියෙක් අප වෙත පැවසුවේය.

මෙවන් සිදුවීමක දී වින්දිතයන්ට යුක්තිය ලබා ගැනීමේ දී මාධ්‍ය දැවැන්ත භූමිකාවක් ඉටුකරනු ලබනවා. නමුත්, අලෙවිකරණ උපායමාර්ග පසුපස හඹා නොයමින් සැමට සංවේදීව හා ලිහිල් ලෙස මෙවන් සිදුවීම් වාර්තා කිරීමට ඔවුන් වගබලා ගත යුතුයි,” ඔහු අවධාරණය කළේය.

එක්ව වැඩකිරීමෙන්, දරුවන් හට තමා අවබෝධ කර ගත්තේ, ඔවුන්ගේ වටිනාකම හඳුනා ගන්තේ, සහ ඔවුනට ආරක්ෂාවක් ඇති බවට දැනෙන සහයෝගී පරිසරයක් නිර්මාණයකළ හැකි බව ද දෙමාපියහු වැඩිදුරටත් පැවසූහ.

මෙම ඛේදජනක සිදුවීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියතුළ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු ආමන්ත්‍රණය කිරීම පිළිබඳව පවතින හිදැස් පිළිබඳව මෙන්ම, සමාජයතුළ මෙවන් ගැටළු පිළිබඳව පවතින දැනුවත්භාවයේ මදකම අපට සිහිපත් කර දෙනු ලබයි. උක්ත පාසලේ දරුවන්ගේ දෙමාපියන් විසින් ආරම්භකරන ලද මෙම දැනුවත් කිරීමේ ව්‍යාපාරය, ඉදිරියේ දී මෙවන් ඛේදවාචක ඇතිවීම වළක්වාලීම සහතික කිරීමට උපකාරවනු ඇතැයි අපි විශ්වාස කරමු.

එමෙන්ම, දරුවන්ගේ මානසික සෞඛ්‍යය සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීමට ජාත්‍යන්තර පාසල් පමණක් නොව, දිවයිනේ සියලු පාසල් සඳහා මෙම ව්‍යාපාරය ආදර්ශයක් ද සපයනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan