ශ්‍රී ලංකාව තුන බේරා ගනියි

0
169

නිශ්මං රණසිංහ ජූලි 05, කොළඹ LNW:

ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ 2025 වසරේත් තෙවන ස්ථානයෙන් සෑහෙන්නට ශ්‍රී ලංකාවට සිඳු වුණා.මෙවරත් ඔවුන් 2023 වසරේදි මෙන්ම තෙවන ස්ථානය රැක ගන්නට සමත් වුණේ හොංකොං කණ්ඩායම සිව්වන තැනට පත් කරමින්.අවසාන ලකුණු තත්ත්වය ලකුණු 51 – 43 ක් ලෙස සටහන් වුණා.


ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී අවසන් වට දෙකේ දී 12 – 11 සහ 11 – 10 ක් ලෙස පසුපසට ඇඳ දමන්නට හොංකොං කණ්ඩායම සමත්වීම ද කැපී පෙණුනා.එහෙත් මුල් කාර්තු දෙකේදී 17 – 9 ක් 13 – 11 ක් ලෙස ඉදිරියෙන් සිටින්නට සමත් විම නිසා ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගන්නට අපහසු වුණේ නැහැ.


මේ තරගයේදී ලකුණු ලබා ගැනීමේ වැඩි අවස්ථා ප්‍රමාණයක් කණ්ඩායමේ සිටින ලාබාලතම ක්‍රීඩිකාව වන මිහිඳුම් කීර්තිසිරිතේ හිමි වුණා.ඒ අවස්ථා 26 න් ඇයට සාර්ථක කර ගන්නට ලැබුණේ 14 ක් පමණයි.එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 54 ක් පමණයි.එම ප්‍රමාණය මෙවැනි තීරණාත්මක තරගයකදී කිසිසේත්ම ප්‍රමාණවත් නොමැති අතර ජීඑස් හී ක්‍රිඩා කළ භාෂි උඩගෙදර සියයට 93 ක සාර්ථකත්වයක් ලබමින් උත්සාහයන් 40 න් 37 ක් සාර්ථක කර නොගන්න තරගයේ තීරණය වෙනස් වන්නටත් තිබුණා.


සමස්ත උත්සාහයන් ප්‍රමාණය සළකා බලද්දී හොංකොං කණ්ඩායමේ සාර්ථකත්වය සියයට 84 ක් වූ අතර ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය වුයේ සියයට 77 ක් පමණක් වීම මේ තරගයේ තීරණයට ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමට ලැබුණු අවස්ථාවන් මග හැරිම බලපාන්න තිබුණ බවට මනා උදාහරණයක්.මේ ක්‍රීඩිකාවන් තේරීමේදී එසේ ඉලක්කයට දැලට පන්දුව යොමු කිරීමේ හැකියාව නිසා කණ්ඩායමට පැමිණි බවට සැකයක් නැහැ.එහෙත් තරග අත්දැකීම් සහ සමාන පොළවක ක්‍රීඩා කිරීමේ අඩුව තරග කිරීමේදී දැනෙනවා.භාෂි උඩගෙදර එය කළමණාකරණය කර ගන්නට හේතුව ඇය ඉකුත් යොවුන් තරගාවලියද ක්‍රීඩා කළ,අත්දැකීම් ඇති ක්‍රීඩිකාවක් වීමයි.එහෙත් ඇය අතින්ද තාක්ෂණික වැරදි සිඳුවීම නිසා පන්දුව නැවත ප්‍රතිවාදීන්ට හිමිවීම සිඳු වී තිබෙනවා.


මේ ක්‍රීඩිකාවන්ගේ සහ කණ්ඩායමේ සැබෑ දක්ෂතාවය මතු කර ගන්නට සමත් වූ තරගාවලියක් නොවප බව පැහැදිළියි.එහි වගකීම නෙට්බෝල් අවුල විසඳීමට අඩු අවධානයක් දෙමින් තමන් යටතේම තබාගෙන සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙන්ම ඊට අවශ්‍යය සහයෝගය පළ කළ අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියලුම දෙනාත් වගකිව යුතු වෙනවා.


එහෙත් මේ පරාජය කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ටත්,පුහුණුකාරියටත් පවරා සමහර විට පරාජය ගැන වාර්තාවක්ද කැඳවා,සමීක්ෂණ මණ්ඩලයක් ද කැඳවා කටයුතු කළ හැකියි.එයට කුමන හෝ වරදක් ද සොයා ගන්නටත් ඉඩ තිබෙනවා.මේ වන විටත් ඊට අවශ්‍යය මාධ්‍ය පසුබිම ද සක්ස කරගෙන තිබෙන්නට පුළුවන් විය හැකියි.ඉකුත් පරාජය බියර් හුණ්ඩුවක් මත තබා තරුණ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සහ තරුණ පුහුණුකාරිණියන් ද ශ්‍රී ලංකාවට අහිමි කර සියලු වැරදි පිට්ටනියට බසින ලද සහ ඔවුන් මෙහෙය වූ පිරිස මත පටවා ලැබුණු වරප්‍රසාද සහ පහසුකම් සම්බන්ධ කතාවන් යට ගැසුවා.
දැන් එහි දෙවන අංකය ක්‍රියාත්මක කර ක්‍රීඩිකාවන්ට නැවත පුහුණු සංචිතයක් අරඹා,අලුත් පුහුණුකාරියක් පත් කර මේ පරාජයේ සියලු වගකීම්වලින් නෙට්බෝල් පරිපාලනය කළ අයගෙන් ඈත් කර තබන්නට කටයුතු සිඳු විය හැකියි.එහෙත් ලෝකය අභිමුවට යාමට පෙර මේ කණ්ඩායමම ඒ ආකාරයට තබා ගෙන අඩු පාඩු වූ පහසුකම් සපයා සැප්තැම්බර් ලෝක කුසලානය දක්වා කාලයේ එම කණ්ඩායමේ දැනට පවතින සංයුතිය රැක ගන්නටත්,නිලවරණය පවත්වා කළමණාකාරීත්වය පත්වන පරිපාලනයකට අමාත්‍යංශ අධීක්ධණය සහ උපකාරය යටතේ පැවරීමත් වැදගත් බව පැවසිය යුතුයි.