ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලංකා තේ පිළිබඳ සම්මන්ත්‍රණයක්!

Date:

ටෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ලංකා තේ පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි

ජපාන තේ සංගමය විසින් 2022 ජුනි මස 25 වැනි දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලද ලංකා තේ සම්මන්ත්‍රණය සඳහා ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසනු ලැබීය. ජපන් ජාතික පාරිභෝගිකයින් අතර ලංකා තේ ප්‍රචලිත කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ජපන් තේ ලෝලීන් 35කට අධික පිරිසක් සහභාගි වූහ.

තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරිනී සේසත් තාඹුගල මහත්මිය සිය දේශනයේ දී ලංකා තේවල පවත්නා සුවිශේෂී ලක්‍ෂණ, කලාපීය ප්‍රභේද සහ තේ පරිභෝජනයෙන් අත්වන සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කළාය. ආර්ථික ප්‍රබෝධය සඳහා රටේ විදේශ විනිමය ඉපැයීම ඉහළ නැංවීමට වෙර දරන මෙම මොහොතේ දී ශ්‍රී ලාංකීය නිෂ්පාදන මිලදී ගනිමින් ශ්‍රී ලංකාවට සහාය පිරිනමන ලෙස සහභාගිවූවන්ගෙන් ඉල්ලා සිටීමට ද එතුමිය මෙම සමුළුව අවස්ථාවක් කර ගත්තාය.

ලංකා තේ පිළිබඳ වීඩියෝ ඉදිරිපත් කිරීමක්, ජපාන තේ සංගමයේ සහතිකලත් තේ උපදේශකවරයකු විසින් සිදු කරන ලද තේ පෙරීමේ නිරූපණයක් සහ ඉස්තරම් ගණයේ ලංකා තේ සහ තේ සාරය මුසුකළ බීම කෝප්පයක් සාදා ගන්නා ආකාරය පිළිබඳ දේශනයක් ද මෙම වැඩසටහනට ඇතුළත් විය. ජපානය වෙත ඩිල්මා තේ ආනයනය කරන බලයලත් නියෝජිතයෙකු වන සීමාසහිත වෝල්ට්ස් සමාගම විසින් සහභාගී වූ සියලු දෙනා සඳහා විවිධ ප්‍රභේදවලින් යුත් ලංකා තේ තෑගි පාර්සල් පිරිනැමීම සඳහා අනුග්‍රහය ලබාදෙනු ලැබූ අතර “රුහුණු” තේ ප්‍රභේදය සහ එහි බහුකාර්යතාව පිළිබඳව ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෝකියෝ

2022 ජූලි 04 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...