විපක්ෂ නායක සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති අතර විශේෂ හමුවක්

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ තානාපති Khalid Nasser Al Ameri අතර විශේෂ හමුවක් අද (05) එම තානාපති කාර්යාලයේදී සිදුවිය.

ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් වන කරුණු කාරණා රාශියක් එහිදී සාකච්ඡාවට ලක්වූ අතර, ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින තෙල් අර්බුදය පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාවට මැදපෙරදිග කලාපයේ සිටින විශාලතම වෙළෙඳ සහකරුවෙකු වන අතර දෙරට අතර පුරා අවුරුදු 40කට වැඩි ශක්තිමත් සම්බන්ධතාවක් පවතින විපක්ෂ නායකතුමා එහිදී සිහිපත් කළේය.

නිසි ශක්තිමත් විනිවිද පෙනෙන වැඩපිළිවෙලක් ඔස්සේ ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් සිය සහයෝගය ලබාදෙන බව ද එහිදී තානාපතිවරයා විපක්ෂ නායකතුමාට සහතික විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...