මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගෙන් ඓතිහාසික තීන්දුවක්..

Date:

නීතීඥ ප්‍රබෝධ රත්නායක

කොළඹ (LNW): ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මැතිතුමා අද නතාෂා එදිරිසූරියට ඇප ලබා දෙමින් අද සිදු කළ ප්‍රකාශය ගරු අධිකරණය පිළිබඳ අපගේ ගෞරවය නැවත නැවතත් වැඩි කරවන සුළුයි.

විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරණ විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්ථාදායකය මගින් ලංකාවට හදුන්වාදුන් අරමුණින් බැහැරව අද ක්‍රියාත්මක වන බව දක්වා සිටියා.

ඒ වගේම ICCPR පනත 3(1) යටතේ වරදක් සංස්ථාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් ‘රබාත් ක්‍රියාකාරී සැලැස්ම’ යොදා ගැනීම සුදුසු වන බව වන බවත් ඒ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බවත් ගරු විනිසුරුතුමා තම අදහස් දැක්වීමේදී තවදුරටත් පවසා සිටියා.

මෙම මහාධිකරණ තීන්දුව ලංකාවේ ICCPR පනත අවභාවිතය වැලක්වීම සදහා දුන් ස්වර්ණමය තීන්දුවක් වනු නො අනුමානයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...