මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගෙන් ඓතිහාසික තීන්දුවක්..

Date:

නීතීඥ ප්‍රබෝධ රත්නායක

කොළඹ (LNW): ගරු මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මැතිතුමා අද නතාෂා එදිරිසූරියට ඇප ලබා දෙමින් අද සිදු කළ ප්‍රකාශය ගරු අධිකරණය පිළිබඳ අපගේ ගෞරවය නැවත නැවතත් වැඩි කරවන සුළුයි.

විශේෂයෙන්ම ICCPR පනත හදුන්වා දෙමින් එවක අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශ උපුටා දක්වමින් ගරු මහාධිකරණ විනිසුරුතුමා ICCPR පනත ව්‍යවස්ථාදායකය මගින් ලංකාවට හදුන්වාදුන් අරමුණින් බැහැරව අද ක්‍රියාත්මක වන බව දක්වා සිටියා.

ඒ වගේම ICCPR පනත 3(1) යටතේ වරදක් සංස්ථාපනය වන බවට තහවුරු කර ගැනීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේම මානව හිමිකම් කමිටුව මගින් හදුන්වා දුන් ‘රබාත් ක්‍රියාකාරී සැලැස්ම’ යොදා ගැනීම සුදුසු වන බව වන බවත් ඒ අනුව නතාෂාගේ ප්‍රකාශය ජාතික, ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීම්ක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බවත් ගරු විනිසුරුතුමා තම අදහස් දැක්වීමේදී තවදුරටත් පවසා සිටියා.

මෙම මහාධිකරණ තීන්දුව ලංකාවේ ICCPR පනත අවභාවිතය වැලක්වීම සදහා දුන් ස්වර්ණමය තීන්දුවක් වනු නො අනුමානයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...