සජබ රජයක් තුළ උතුරු නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවනවා – සජිත්ගෙන් පොරොන්දුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලෝකයේ බොහෝ රටවල් යුද්ධයක් අවසන් වූ පසු ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වුවත් අප රටේ යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් එදා මෙදා සිටිය කිසිදු නායකයකුට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවිමට නොහැකි වුවත් සමගි ජන බලවේග රජයක් තුළ උතුරු නැගෙනහිර පළාත් දෙකම කේන්ද්‍ර කර ගෙන රටම ආවරණය වන ආකාරයට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 281 වැනි අදියර යටතේ මඩකලපුව එරාවුර් අල් මුනීරා බාලිකා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (03) එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ද එක්විය.

මේ පළාත් 2 කාන්තා මූලික පවුල්, යුද්ධයෙන් අවතැන් වූ ස්වාමීපුරුෂයන් අහිමි පවුල් සිවිල් ප්‍රජාවගේ මෙන්ම රණවිරු ප්‍රජාවගේ ද සිටින බැවින් පශ්චාත් යුද සමයේ අප සැවොම එකට එකතු වී රටම දුක්ඛිත භාවයට පත්ව ඇති මොහොතක තවදුරටත් බෙදී සිටියහොත් රටට අනාගතයක් නොමැති බැවින් ජාතින් ආගම් වශයෙන් එකට එකතු විය යුතු බවත් මේ සක්වල වැඩසටහන හරහා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ හැමදේම කටින් කියනවා මෙන්ම මහපොළොවේ ක්‍රියාත්මක කරන බවත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පුතා ලෙස උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කර ගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පවත්වා මඩකලපුව දිස්ත්‍රික්කයේ සෑම වසමකම ගම්මානවල සංවර්ධන ඒකක ඇති කරන බවත් ජනාධිපතිවරයා ලෙස තමා මේ සියලු සංවර්ධන කටයුතු e-governance රාජ්‍ය පාලනය තුළ නිරීක්ෂණය කර කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 281ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3074ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...