පෙසෙෂ්කියන් ජන්ද මිලියන 16.3,ක් ලබා ගනිමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකු, පුහුණු හෘද ශල්‍ය වෛද්‍යවරයකු සහ නීති සම්පාදකයෙකු වන Masoud Pezeshkian ජන්ද මිලියන 16.3ක් ලබා ගනිමින් ඉරානයේ ජනාධිපතිවරනයෙන් ජයග්‍රහණය කර ඇති බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රෙස් ටීවී වාර්තා කර තිබේ.

මෙවර ජන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 49.8% ක් වූ අතර ඉන් ගණන් කරන ලද ඡන්ද මිලියන 30.5 න්, පෙසෙෂ්කියන් මිලියන 16.3 කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලි මිලියන 13.5ක් ලබාගෙන තිබිණි.

ඒ අනුව, ජාත්‍යන්තර හුදකලාව, අභ්‍යන්තර අතෘප්තිය, ආර්ථික උද්දමනය මෙන්ම ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමක අපේක්ෂාවකට මුහුණ දෙන රටක පෙසෙෂ්කියන් සුක්කානම අතට ගනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...