පෙසෙෂ්කියන් ජන්ද මිලියන 16.3,ක් ලබා ගනිමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂකු, පුහුණු හෘද ශල්‍ය වෛද්‍යවරයකු සහ නීති සම්පාදකයෙකු වන Masoud Pezeshkian ජන්ද මිලියන 16.3ක් ලබා ගනිමින් ඉරානයේ ජනාධිපතිවරනයෙන් ජයග්‍රහණය කර ඇති බව ඉරාන රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රෙස් ටීවී වාර්තා කර තිබේ.

මෙවර ජන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 49.8% ක් වූ අතර ඉන් ගණන් කරන ලද ඡන්ද මිලියන 30.5 න්, පෙසෙෂ්කියන් මිලියන 16.3 කට වඩා වැඩි ප්‍රමාණයක් දිනා ගෙන ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වන සයීඩ් ජලීලි මිලියන 13.5ක් ලබාගෙන තිබිණි.

ඒ අනුව, ජාත්‍යන්තර හුදකලාව, අභ්‍යන්තර අතෘප්තිය, ආර්ථික උද්දමනය මෙන්ම ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමක අපේක්ෂාවකට මුහුණ දෙන රටක පෙසෙෂ්කියන් සුක්කානම අතට ගනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ නව අභියාචනාධිකරණ සභාපති දිවුරුම් දෙයි!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : ජනාධිපති කාර්යාලයේදී...

වාහන ආනයනයේදී දින තුනකට මිලියන 257ක පාඩුවක්?

කොළඹ LNW: වාහන ආයනය සීමා ලිහිල් කිරීමෙන් පසු මෙරටට...

නවකවධයේ අතුරු ප්‍රථිඵල!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු...

කෙහෙළිය සහ බිරිඳ එළියට එද්දී දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණ චෝදනා මත හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ...