*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනෙන් සංහිඳියාවේ නගරයට වාසි රැසක්!

සංහිඳියාව සහ ජාතික සමගිය වෙනුවෙන් තරම් වෙන කිසිම මාතෘකවක් වෙනුවෙන් අප රටේ පුවත්පත් පිටු වෙන්ව නැතැයි සිතේ. පුවත්පත් පමනක් නොව වෙනත් කලා මාධ්‍යන්ගේද ඒ වෙහුවෙන් වෙන්ව ඇති ඉඩ අතිමහත් ය. පාලකයන්ගේ උවමනව මත දැල්වූ ජාතිවාදයේ ගින්නේන් දැවී ගියේ සංහිඳියවේ මල් පිපී තිබූ මල් යායකි. එවන් මල් යායක් ලෙස නැගෙනහිර පළාතේ මඩකළපුව දැක්විය හැක්කේය. එදා මඩකළපුවේ සිට පානම දෙසට වැටුන බිම් තීරුවේ මෙවැනි සංහිඳියාවේ මල් ඕනෑ තරම් පිපී තිබුනේය. රත්න ශ්‍රී විජේසිංහයන් විසින් විරචිත, විශාරද ගුණදාස කපුගේ ගේ තනුවකට ජානක වික්‍රමසිංහයන් ගයනා ”නින්දවූර් කළපුව ලග ඔළුවිල් යන පාරේ – නින්ද නැති ඇසින් බලනා සුබාරතී මැණිකේ” ගීයට විශය වන්නේද එවැනි සංහිඳියාවේ මල් පිපී තිබූ සමයක මතකයන්ය..

අප්පා නුඹේ දකුණෙන් ආදරය අරන් ආවා….
අම්මා නුඹේ මඩකළපුවේ බත කිරිකර දුන්නා…
රත්තරනේ නුඹ කවුරුද…..
සිංහල මට නොදැනේ….”

යනුවෙන් ගයන ඒ ගීයේ මිහිරියාව අද යළිත් සිහියට නැගුනේ පසුගි 28 – 29 දෙදින මඩකළපුවේ හින්දු විද්‍යාලයේ මුළු දුන් ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා එකම වහලක් යට එක්වූ සිහල දෙමළ සහ මුසල්මානු සහෝදරත්වය නිසාය.

පසුගිය ජුනි 28 – 29 දෙදින මඩකලපුව හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ අමාත්‍යාංශයට අනුබද්ධ සියළු ආයතනවලට නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මඩකළපුවේ ‘ජයගමු ශ්‍රී ලංකා’ ජංගම වැඩසටහන පැවැත්විනි.

විගමනික ශ්‍රමික පවුල් සහ ඒවායේ දරුවන් සඳහා ප්‍රදාන ලබා දෙන ‘විගමනික ශ්‍රමික හරසර’, අවිධිමත් විවිධ වෘත්තීන් ගණනාවකට ගරුත්වය ලබා දෙන ‘ගරුසරු’ තාරුණ්‍යයට ධනාත්මක මග පෙන්වීමක් ලබා දෙන ‘ස්මාට් යූත් ක්ලබ්’, අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ලබා දෙන වැඩසටහනක් වන ‘ශ්‍රම වාසනා’ සහ කම්කරු නීතිය, මිනිස් ජාවාරම පිළිබඳව වටිනා වැඩසටහන් ගණනාවක් වෙනදා මෙන්ම මඩකලපුව වැඩසටහනේද ප්‍රධාන අංග වී තිබිණි.

මඩකලපුව සංචාරක ආකර්ෂණය ඉහළින් ලබන, ලෝකයේ අලංකාරතම මුහුදු වෙරළකට හිමිකම් කියනා මඩකළපුව පෘතිගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යටත් විජිත සමයන්ට සම්බන්ධ මතක රැසක් ඇති ශ්‍රී ලංකාවේ ඉතිහාසයට එක්වූ නගරයකි .

සින්දු කියනා මළුන් සිටි කල්ලඩි පාලම, අලංකාර ප්‍රදීපාගාරය, පාසිකුඩා වැනි සංචාරක කළාප බහුල මඩකළපුවේ ශ්‍රම, ආර්ථික ගැටලු සුළු ඒවා නම් නොවේ. වසර 30ක යුද්ධයේදී අසාධාරණයට ලක් වූවන් අතර මඩකලපුව වැසියෝද සිටිති. කුසගින්න, වාසස්ථාන, අධ්‍යාපනය ආශ්‍රිතවද මඩකලපුව අභියෝගවලට මුහුණ දුන් කාලය්‍ර් මතක බොහෝ කටුකය. ලෝක ප්‍රකට දෙමළ සිනමා නිෂ්පාදකරවරයෙකු ලෙස නමක් දිනූ සිනමා අධ්‍යක්ෂවරයකු වන බාලු මහේන්ද්‍රන්, සංහිඳියාව වෙනුවෙන් කැප වන මහාචාර්ය මෞනගුරු සින්නයියා, ප්‍රකට දේශපාලනඥයකු වන ජෝසප් පරරාජසිංහම් වැනි මිනිසුන්ගේ ජන්ම භූමිය වන්නේද මඩකලපුවයි.

කිසිවෙකුට ආර්ථික අපහසුතා තිබේ නම් එයට වඩා වැදගත් වන්නේ රැකියාවකි. මඩකලපුව දිස්ත්‍රික්කයේ අසීරුතා දුරු කිරීම වෙනුවෙන්ද රැකියාවලින් කළ හැකි මෙහෙය විශාලය. එහෙයින් එම මග පෙන්වීම සඳහාය ‘ජයගමු ශ්‍රී ලංකා’ මෙමෙ අදිගහැරුම සිදු වූයේ. බොහෝ කලකට පසුව ලංකාවේ රජයක් මැදිහත් වී එවැනි වැඩසටහනක් මඩකලපුවට ගෙන ආ මුල්ම අවස්ථාව බව ජයගමු ශ්‍රී ලංකා සඳහා පැමිණියෝ පවසති . එම වැඩසටහන වඩාත්ම ආලෝකවත් වූයේ විවිධ ප්‍රදාන පිරිනැමෙන සහ ජනතාව දිරි ගැන්වෙන වැඩසටහන් නිසාය. එමගින් ප්‍රජාව ලැබූ සතුට නිසාය. ‘මඩකලපුව – ජයගමු ශ්‍රී ලංකා’ වෙත ආ තරුණ තරුණියන්ගේ සතුට රැගත් මුහුණු ඊට කදීම සාක්ෂියකි.

ශ්‍රී ලංකාව මීට වසර දෙකකට පෙර බෙහෙවින් ආර්ථික පරිහානියකට ලක් වූයේ රටේ ආර්ථිකය ඝෘණ අගය දක්වා යෑම හේතුවෙනි. එවන් වූ රට ආර්ථිකයෙන් ඉහළට ගැනීම සඳහා ඩොලර්වල වටිනාකම දැනෙන්නට පටන් ගෙන තිබූ අවධියක් එකල විය. එම අදහස නිවැරදි බව සනාථ කරමින් රටට ඩොලර් එවීමේ මෙහෙවරට අවතීර්ණ වූ විගමනික ශ්‍රමික ප්‍රජාව රටේ ජීවනාලිය ලෙස මෙම මොහොතේ හැඳින්වූවාට කිසිදු වරදක් නොවේ. විගමනික ශ්‍රමික ප්‍රජාවද මේ මොහොතේ රටේ ආර්ථිකය තුළ හොබවන භූමිකාව දැවැන්ත එකකි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ‘විගමනික ශ්‍රමික හරසර’ වැඩසටහන නිර්මාණය කර ඇත්තේ එම ප්‍රජාවට නිසි වටිනාකමක් දීමේ අපේක්ෂාවෙනි. විගමනික ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල්වල දරුවන් ඉගෙනුම ලබනා පාසැල් සඳහා ”ස්මාට් බෝඩ්”, ශිෂ්‍යත්ව, බෑග්, කූපන්, වවුචර් ලබා දෙමින් උපහාර පළ කෙරෙන වැඩසටහනක් වන ‘විගමනික ශ්‍රමික හරසර’ වැඩසටහන පැවැත්වුණේ ‘ජයගමු ශ්‍රී ලංකා’ පළමු දින වන ජුනි 28 වැනි දිනය. එහිදී විගමනික ශ්‍රමිකයින්ට ස්වයං රැකියා දියුණුව සඳහා ලබා දෙන ප්‍රදානයන්හි පළමු පියවර හැටියට සාර්ථකත්වයට පත් වූ විගමනික ශ්‍රමික පවුල් 06ක් සඳහා ප්‍රදාන පිරිනැමුණු අතර ඔවුන් සඳහා සැකසුණු ඇගයුම් වීඩියෝවක්ද එහි ප්‍රදර්ශනය කෙරිණි.

ස්වයං රැකියා වැඩිදියුණුව සඳහා පවුල් 05කට ආධාර ලබා දීම, විගමනික ශ්‍රමික ප්‍රජාවගේ දරුවන් 321ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය, සේවය අවසන් කර පැමිණි විගමනික ප්‍රජාවගේ දරුවන් 18ක්, දැනට සේවයේ නියුතු විගමනික ශ්‍රමිකයින්ගේ දරුවන් 300ක් වෙනුවෙන් පාසල් උපකරණ සහිත බෑග් ප්‍රදානය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වාර කිහිපයක් ලබා ගත් ශ්‍රමිකයන් 100ක් සඳහා සතොස වවුචර් පත් ලබා දීම, මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරියගේ අනුමැතිය මත ප්‍රාදේශීය ලේකම්රුන්ගේ නිර්දේශයෙන් පාසල් 14ක් සඳහා ස්මාට් බෝඩ් ප්‍රදානය කිරීම එහිදී සිදු විය.

විදෙස්ගත ශ්‍රමිකයන්කයන් ව්‍යවසායකයන් බවට පත් කිරිමේ ජාතික වැඩසහටහන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වෙයි. ඒ යටතේ ව්‍යවසයායකයන්ලක්ෂයක් බිහිකිරීම අරමුණ වෙයි. එක් ව්‍යවසයකයෙක් අවම වශයෙන් රැකියා අවස්ථා තුනක් ජනනය කළහොත් ඉන් පවුල් තුන් ලක්ෂයකට සෙත සැලසේ. මෙය මීට පෙර දකුණු කොරියාව විසින් සාර්ථකව අත්හදා බලා ඇති ක්‍රමයකි. නූතන දකුණු කොරියාව බිහිවනුයේ එමගිනි.

භාෂා විවිධත්වය අරගලයක් බවට පත් කරමින් ඇති වූ ජාතිවාදී බෙදීම් සහ ඒ කෙරෙන් ඇති කළ ජීවන යුද්ධයත් වැඩසටහනට සහභාගි වූ තරුණ තරුණියන්ට සිහිපත් කර දෙමින් ‘ජයගමු ශ්‍රී ලංකා’ දෙවැනි දින වන ජුනි 29 පැවැත්වුණු ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන පැවැත්විණි. ජාතිවාදය, කුලමල, ආගම යන කාරණා උඩ යාපනය පුස්තකාලය ගිනි තැබීමේ සිට ජාතිවාදී ක්‍රියා රටේ ප්‍රගමනය විනාස කළ අතර ඒ සඳහා මුල් වූ දේශපාලනඥයන් පොදුවේ පක්ෂ භේදයෙන් තොරව හෙළා දැකීය. ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂය බැගින් තරුණයින්ට මුදල් වෙන් කර ඇති බවත් එමගින් වෘත්තීය පුහුණුව ලැබීමේ තරුණ ආකල්ප සහ අපේක්ෂා තහවුරු කිරීමටත් කටයුතු කෙරෙයි. ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහනේදී ඒ ගැන තරුණ පිරිස දැනුවත් කෙරිණි.

“මඩකලපුව කන්නගී මහා විදුහලේ ඉගෙනුම ලබන සිසුන් බොහෝ සංඛ්‍යාවකගේ දෙමාපියන් විදේශගත ශ්‍රමිකයින්. ඒ හේතුවෙන් අපේ පාසල තෝරාගෙන ස්මාට් බෝඩ් ප්‍රදානය කිරීමට අවස්ථාව ලබා දෙන ලදි. ලද ප්‍රධානය ගැන කරුණු දැක්වූ පාසලේ විදුහල්පතිවරයා ”ස්මාට් බෝඩ් එකක් ලැබීම අපිට ගොඩක් සතුටුයි. ඒක ගොඩක් අපිට වටිනවා.” යැයි එහිදී සිය සතුට ප්‍රකාශ කළේය.

රටේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට සහන සලසන බෙහෙවින් රටේ අවධානය දිනා ගත් අරමුදල් ක්‍රමයක් වන ‘ශ්‍රම වාසනා’ වැඩසටහනින් මඩකලපුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ටද මෙවර වැඩසටහනේදී සහන සැලසිණි. මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරියගේ අනුමැතිය මත දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරා ගනු ලැබූ දරුවන් දහසකට එහිදී පාසැල් උපකරණ බෙදා දීම සිදු විය.

‘ජයගමු ශ්‍රී ලංකා’ ජුනි 28-29 පැවති දෙදින වැඩසටහනට ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය – දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්.එම්. පියතිස්ස, අමාත්‍යවරයාගේ උපදේශක දේශප්‍රිය ලියනගේ, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන්, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එන්.ආර්. කිරිඇල්ල, කම්කරු දේපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස් ජනරාල් එස්.ඒ. වසන්ත අල්ගම, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙෆ් ගුණවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී ප්‍රියංකා රත්නසිංහ ආරච්චි, මේජර් ඩී.එම්.එන්. පද්මසිරි ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවලට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.

‘ජයගමු ශ්‍රී ලංකා’ මාතර දිස්ත්‍රික් වැඩසටහනට හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගනයේදී පවැත්වීමට නියමිතය . එම එළඹුම මඩකලපුවෙන් මාතරට සිදු වන්නේ ජූලි 05 සහ 06 දෙදිනදීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan