*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

හුඟක් දර්ශනවල හැංගුණ අරුණ දර්ශන!පැරිස් දර්ශනවල ඉස්සරහෙන්ම දුවපං

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 06, (LNW) කොළඹ :

අරුණ දර්ශන මෙවර මලල ක්‍රීඩාවේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.අරුණ මේ සඳහා විශාල උත්සාහයක් ගත්ත ද සෘජුව සුදුසුකම් ලබන ලේඛණයේ සිය නම තැනපත් කරන්න අපොහොසත් වූ අතර සුදුසුකම් ලැබීමේ අවසාන ලේඛණය ප්‍රසිද්ධ කරන මොහොත වන විට ඔහුට ආ හැකි වූයේ 51 වන තැනටයි.එහෙත් මේ් වන විට සහභාගිතිවය තුළ හැදුණු හිස්කම් නිසා සුදුසුකම් ලැබූ 48 අතර 47 වෙන්නට අවස්ථාව උදා කරගෙන තිබෙනවා.


ශ්‍රී ලංකාවට පහසුවෙන් මීටර් 400 ඉසව්වෙන් මේ ක්‍රීඩා උළෙලේදී ලෝකයේ අවධානය දිනා ගත හැකි තත්ත්වයක් තිබුණ ද වීසා පමාවීම මෙන්ම ඉතාමත් ආසන්න මොහොතක තරග කරන්නට සුදුසු විවේකයක් නැති පරිදි වීසා ලැබුණ ද,එයට පිටත්වීමත් අහෝසි වුණේ කාලිංග කුමාර ද හරියටම එදිනම අනපේක්ෂිතව අසනීප වීම නිසාය.එවිට ඔහු සිටියේ මීටර් 400 න් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් සුදුසුකම් ලබන්නේනම් ඊට ආසන්නම ශ්‍රී ලංකා ක්‍රීඩකයාගේ තැනය.අවසානයේ සහය දිවීමේ කණ්ඩායමට දොර වැසුණු ආකාරයටම කාලිංගටද දොර වැසී ගියේ අවසාන භාගය වන විට අරුණ කාංලිගව කිහිප වරක්ම පසුකර යා හැකි තත්ත්වයට දිවීමට සමත් වූ නිසාය.


අවසාන වශයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් ජය ගත් තරගයේ දී ද වැඩි අවධානයක් යොමු වුණේ අවසාන යෂ්ඨි හුවමාරුවේදී යෂ්ඨිය ලබා ගත් කාලිංග කුමාරගේ වෙතය.බොහෝ අය ඔහු ගැන ප්‍රශස්ති ගයද්දී පළමු කඩ ඉම පළමු වැනියා ලෙස නිමා කළ අරුණ දර්ශන එම දුර ගෙවූ කාලය මෙන්ම ඔහු දැක් වූ දක්ෂතාවයද අවධානයට ලක් නොවිණි.මේ ආකාරයට දර්ශනට ප්‍රදර්ශනය වීමට පහසු තැනක සහය දිවීමේ කණ්ඩායමේ ඉඩ තිබුණේ නැත.එය කාගේ හෝ වරදක් නොවේය.ඉසව්ව ගලා යන ස්වභාවය ය.

තරුශිගේ පුහුණුකරු සුසන්ත සහ අරුණගේ පුහුණුකරු අසංක


එහෙත් අවසානයේ දර්ශන ලෝකයට ප්‍රදර්ශනය වී ඇත.ඒ පැරිස් ඔලිම්පික් ගමණට එකතු වන මීටර් 400 ක්‍රීඩකයා ලෙසය.පදක්කම් නෙලා ගෙන එන්න නොකිව ද අපි දර්ශනට එක් දෙයක් කියන්නෙමු.ඔබගේ හොඳම දක්ෂතාවය වාර්තා කරන්නට ලැබෙන මේ අවස්ථාවේ පළමු මොහොතම ඉහළින්ම ප්‍රයෝජනයට ගන්න යන්න එයයි.


තවමත් වසර ගණනක් රට වෙනුවෙන් දුවන යුද හමුදාව නියෝජනය කරන දර්ශන කන්තලේ පිහිටි සිය නිවසේ බිත්ති ටික කපරාදු කර එය සම්පූර්ණ නිවසක් බවට පත් කර ගැනීමේ උවමනාව සංතර්පණය කර ගැනීමට නොහැකිව ලත වෙන තරුණයෙකි.”අම්මාව හොඳට තියන්න ඕනි” කියන සිහිනයත් එක්ක පොර බඳමින් ඉන්න සමාජයේ බොහෝ තරුණයන්ට නැති හොඳ ආර්ථික ශක්තියකින් රටට පදක්කම් ගෙනෙන්නට ශක්තිය තියෙන මේ තරුණයාත් දුක් වීම ඔහුගේම ඛේදයක් පමණක් නොවේය.ඇතැම් විටෙක් දුවා එකතු කර ගන්න සල්ලිවලින් විදෙස් තරග සඳහා තමන්ගේ වියදමෙන් යන්න සිඳු වූ අවස්ථා ද ඇති නිසා ඔහුගේ වැටුප සිය මලල ක්‍රීඩා ජීවිතයේ නඩත්තුවට මෙන්ම සිය පවුලේ නඩත්තුවට යොදා ගත යුතුය.


“හම්බවෙන සල්ලි වලින් වෙන මොකවත් කරන්න එපා,අපිට ලංකාවෙ උන් හැටියට සතුටු වෙන්න දුවන එක විතරක් කරපං”
එසේ කියන්න අපට අයිතියක් නැත.අපටත් එක්කම අඩම්බර වෙන්න පුළුවන් දිවිල්ලක් දුවන එකෙක් යන හැඟීම ලංකාව ගැන හිතන ඕනිම කෙනෙක්ට තිබිය යුතුය.ඒ හැඟීම ඔස්සේ සිතන කෙනෙක්ට දර්ශන වැන්නන් දුවන දිවීමට අනුග්‍රාහක සෙනෙහසක් නැති වීම ගැන කම්පාව දැනෙන්නේය.ඒ මේ රටේ අවාසනාවය.මේ ක්‍රීඩකයන්ට වෙළද වටිනාකමක් සකස්වෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුය.


අරුණ දර්ශනගේ සහභාගීත්වය තවත් ආකාරයකින් හැඬ වෙන තැනක් දකින්නට ඇත.ඒ අරුණ දර්ශනගේ පුහුණුකරු වලල නිෂ්පාදනයක්ය.අසංක රාජකරුණා වලලින් පැමිණ අරුණව නිර්මාණය කර ඔලිම්පික් කැඳවාගෙන යද්දී අසංකට මලල ක්‍රීඩාවේ මුලකුරු කියා දුන් සුසන්ත ප්‍රනාන්දු අසංකලාට පසු පරම්පරාවක එකියක වන තරුශි කරුණාරත්න සමඟ ඔලිම්පික් ගමණට එක් වන්නේය.වැඩේ මේ ගමණේ වැඩිම සතුට හිමි වන්නේ දුවන අරුණට ද,දර්ශනට ද යන්න ගැන කිරා බැලීමය.මං හිතන්නේ සුසන්ත ප්‍රනාන්දුටය.ඔහු පැරිස් යන්නේ දිව වූ එකියක සහ දුවපු එකෙකු හදපු දුවන එකෙක් සමඟය.(මා එසේ කියන්නේ අරුණ සමඟ දර්ශන ද මේ ගමණට එක් කරන්නට ජාතික ඔලිම්පික් කමිටුව මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයද අවශ්‍යය කටයුතු කරනු ඇතැයි යන විශ්වාසයෙන්ය.)

පුහුණුකරු අසංක රාජකරුණා සමඟ


අරුණ! දුවලා එන්න,කරන්න පුළුවන් උපරිමය කරන්න.උඹේ කකුල්වල හයියට හිතේ තියෙන දරා ගැනීමට ලැබෙන්න ඕනි දේවල් ලැබෙන්න දැනෙන හිත් මේ රටේ තව හම්බවෙන්න පුළුවන් තැනකට වේගෙන් දුවන්න බලන්න.එදාට උඹේ හිතේ මල් පිපෙන විදිහට ගෙදර බිත්තිවල කපරාදු හැදිලා,සුදු පිරියම් වෙලා වහලෙ හැඩ වෙලා අම්මගෙ හිනාව දකින්න වාසනාව උදා වෙනු ඇත.


එක දෙයක් සහතිකය.උඹව අඩුවෙන් දර්ශනය වෙන එකට හෝ උඹට වඩා කවුරුන් හෝ වැඩියෙන් දර්ශනය විය යුතුයි කියන හැඟීමක කවුරුන් හෝ සිටියානම් ඒ සියල්ලටම උඹ පැරිස් ඔලිම්පික් දුවන දර්ශනය බලා ඉන්න තත්ත්වයට උඹේ ජවයෙන් පත් කර අවසන්ය.ඒවාද ධාවන පිටියේදී ජයගත යුතු පදක්කම් වටින වැඩය.
“ඉතිං දැං ඒ දර්ශනවල ඉස්සරහෙන්ම නොවැරදීම දුවපං.” අපි උඹට හදවතින්ම සුබ පතමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan