පොහොට්ටුවට අමුතු අපේක්ෂකයෙක් නෑ. එකම කෙනා රනිල් – මන්ත්‍රී වලේබොඩ

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයෙක් නොමැති අතර ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයක් නොමැති නම් මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි වලේබොඩ මහතා කියා සිටියේ.

”අපට තියෙන කුකුස තමයි මේ ජනාධිපතිවරනය පවත්වනවාද නැද්ද කියලා. මෙවර ජනාධිපතිවරණය නොපවත්වා ව්‍යවස්ථා ගැටයක් ගහලා ජනාධිපතිවරණය වසරක් දික්කරගන්න හදනවා. ඒක නිශ්චිතයි. කාලය දීර්ඝ කරගන්න රහස් ජන්දයක් තිබ්බොත් 170 වැඩිය ජන්ද ලැබෙනවා. රනිල් කියලා තියෙනවා මට තියෙන්නේ වසර 5යි කියලා මෙහෙම කියනවා කියන්නේම ඔහු මේක කල් දාන්න හදනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් දාන්නේ නෑ. ඔවුන්ට ඉන්න එකම අපේක්ෂකයා රනිල්. මේ හදන්නේ ජනාධිපතිවරයා සමගියෙන් කෑල්ලක් කඩන එක කරගන්න. කුඩා පක්ෂ කුරුමානම් අල්ලනවා රනිල් එක්ක එකතුවෙන්න. පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් දානවා කියන්නේ මේ කොටස එකතුකරගන්න.
රනිල්ට පොදුජන පෙරමුණේ සහයෝගය ලැබෙන්නේ නැති නම් ඔහු මැතිවරණයට එන්නේ නෑ. ධම්මික පෙරේරා ජනාධිපති වෙන්න තරම් සුදුස්සෙක් නෙවෙයි. ඔහු කුප්‍රකට ව්‍යාපාරිකයෙක්.”
යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...

ජපානයේ ටෝකාරා දූපත් සති දෙකක් තුළ භූමිකම්පා 900 කට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය සති දෙක...

මේ බොරුකාර, අකාර්යක්ෂම රජය දුන් පොරොන්දු ඉටු කරන්න බැරිව ජනතාව මංමුලාකරලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල දුර්වල, අකාර්යක්ෂම, බොරුකාර, රැවටිලිකාර වත්මන් රජයේ...

චරිත්ගෙන් නායකත්වයේ ඉණිමක්

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: ශ්‍රී ලංකාව ලකුණු 29...