පාතාලයේ අභ්‍යන්තර ගැටුම් නිසා මහමගදී ඇතැම් සිදුවීම් වෙනවා. ඒ කිසිවක් ආණ්ඩුවේ අසමත්භාවයක් හැටියට අපි පිළිගන්නේ නෑ – මන්ත්‍රී චන්දන

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීම සඳහා රජය ගෙනයන ක්‍රියාමාර්ග තුළ ඒ ඒ පාතාල කණ්ඩායම්වල අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් මහමගදී ඇතැම් සිදුවීම් සිදුවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසයි.

“අපේ රටේ පාතාලය පෝෂණය වුණේ දේශපාලනඥයින්ගේ අනුහසින්. පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු ඒ දේවල් පාලනය කරන්න මර්දනය කරන්න රජය ගන්න ක්‍රියාමාර්ග ඇතුළෙ ඒ ඒ සංවිධානවල අභ්‍යන්තර ගැටුම් නිසා මගමඟදී ඇතිවන ඇතැම් සිදුවීම් අපි අනිවාර්යයෙන්ම ඒවාත් පරාජය කළ යුතුයි, මර්දනය කළ යුතුයි. හැබැයි ඒ කිසිවක් ජාතික ආරක්ෂාව ලෙස සම්බන්ධ කරලා ආණ්ඩුවේ අසමත් බවක් ලෙස හුවාදක්වන්න හදන උත්සාහය අපි පිළිගන්නේ නෑ”

චන්දන සූරියආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...