තවමත් හිස්ව පවතින ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය කාටද?

Date:

පසුගිය දා, ඉල්ලා අස්වූ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුමගේ පාර්ලිමේන්තු අසුනට අයෙකු පත් කිරීමේ අවසන් තීරණය ගැනීමට ජාතික ජනබලවේග ප්‍රධානීහු තවදුරටත් කල් දමා තිබේ.

මේ සඳහා නම් තුනක් යෝජනා වී තිබී ඇති අතර ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම, මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි සහ නීතිඥ ලාල් විජේනායක යන තිදෙනායි ඒ. කෙසේ වෙතත් අවසන් වටයේ දී කැටිපෙආරච්චි සහ කුමරප්පෙරුම යන දෙදෙනා පමණක් ඉතිරිව ඇති බව වාර්තා වේ.

පසුගිය මහමැතිවරණය ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ විමල් කැටිපෙආරච්චි මනාප 53161 ක් ලබාගත් අතර තේරී පත් නොවූ පිරිස අතර වැඩිම මනාප ඇත්තේ ඔහුටයි. ජනප්‍රසාදයක් දිනාගෙන සිටි ප්‍රකට චරිතයක් වූ කැටිපෙආරච්චි පරාජයට පත් වීම බොහෝ දෙනාගේ කතාබහටද ලක් විය. උපුල් කුමරප්පෙරුම කොළඹ දිස්ත්‍රික්කයේ වුවද ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ මාතර දිස්ත්‍රික්කයෙනි. ජාතික ජනබලවේගයේ ජනප්‍රිය නායකයෙකු වූ ඔහුටද මාතරින් අවශ්‍ය මනාප සංඛ්‍යාව ලැබ ගැන්මට නොහැකි වූ අතර එයද කතාබහට ලක් විය.

කෙසේ වෙතත්, තවමත් තීරණයක් ගෙන නැතත්, විමල් කැටිපෙආරච්චි වෙත මෙම මන්ත්‍රී ධුරය ලබා දීමේ වැඩි ඉඩකඩක් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ මහා ජන හඬ අවසන් – නොදුටු දසුන් මෙන්න! (PHOTOS)

කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ කිහිපයක එකතුවෙන් අද (21) නුගේගොඩදී ''මහා...

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...