ගුවන් තොටේදී විස්කි සහ කරදමුංගු තොගයක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූලි 06, කොළඹ LNW :

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින්, විස්කි සහ කරදමුංගු තොගයක්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඔවුන් ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 20ක් තුළ තිබී විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් විස්කි බෝතල් 378ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132ක් සොයා ගෙන තිබෙන බව සඳහන් වේ.

එම විස්කි බෝතල් සහ කරදමුංගු තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් පමණ වන බව අනාවරණ වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ හැටන් ප්‍රදේශ වල පදිංචි, විදේශ සංචාරයක නිරත වී ආපසු පැමිණෙමින් සිටි ගුවන් මගීන් සිව් දෙනෙක් බව වාර්තා වේ.