චීන සහායෙන් ඉලොන් ගෙන් ඇමෙරිකානු නව පක්ෂයක්

Date:

අශෝක ජයතුංග ජූලි 06 වොෂින්ටන් LNW :

🍎 ඉලෝන් මස්ක් ට්‍රම්ප් ගේ කරින් ෂීජින්පිං ගෙ කරට පැනීම…..?
🍎ඉලොන්ගෙන් ඇමෙරිකානු දේශපාලනයට තර්ජනයක්….?
🍎චීන හිතවාදී ඇමෙරිකානු ආණ්ඩු හැදීමේ චීන උපාය..?
🍎තවම එළිනොදුටු ට්‍රම්ප් හා ඇමෙරිකානු ප්‍රතිචාර…?

[ට්‍රම්ප් ඇමෙරිකානු ජනපතිවරණය ජයගත්තේ ඉලෝන් මස්ක් ගේ ද දැඩි සහාය ගනිමිනි. පසුව ඔහුට විශේෂ තනතුරක් පවා දීමට ට්‍රම්ප් ක්‍රියා කල ද දෙදෙනාගේ දීගය පැවතියේ මාස 03 කි. එළිවූ හා බොහෝ විට එළිනොවූ කරුණු රැසක් මත පදනම්ව දෙදෙනා විරසක විය. ට්‍රම්ප් දිනෙව්වේ මම යයි ඉලෝන් කියන විට ඉලෝන් ඔය තත්වයට ගෙනාවේ මම යයි ට්‍රම්ප් කීවේය.


ඉලෝන් සිය කටයුතු වලට ඇමෙරිකාව පදනම් කරගත්ත ද ඔහු දකුණු අප්‍රිකානුවෙකි.ඒ තුළ ඇමෙරිකාව ගැන හෝ ට්‍රම්ප් ගැන ඉලෝන්ට බැහැර කළ නොහැකි සබඳතාවක් පවතින බවට සැක කිරීම අසීරුය.බෝට්ටුවේ පෙරලුන පැත්තේ සිට එය පැදීමට තරම් ඉලෝන් ද දක්ෂයෙකු නිසා ඔහු ට්‍රම්ප්ට කොකා පෙන්වීමටදෝ ඇමෙරිකාවේ දේශපාලන හා ආර්ථික පසමිතුරු චීනය දෙසට බැල්ම හෙළද්දී චීනයේ දෑත් දෙකම ඉලෝන් වෙත දිගු විය.


ඉලෝන් හා චීනය අතර මිත්‍රකම ක්ෂණිකව ඇතිවූවක් නොවේ. බීජිං හා ෂීජිංපින් සමග ඉලොන් ගනුදෙනු ඇරඔුවේ දශකයකටත් පෙරය. ටෙස්ලා කාර් නිෂ්පාදන සමාගම ෂෙංහයි වල අරිනවිට චීන අතරමැදි සමාගමක් නොමැතිව කෙලින්ම ටෙස්ලාට චීන දොර විවෘත විය. එම කටයුතු හා ව්‍යාපාර සාර්ථකව ඉදිරියට යද්දී ඉලෝන් සිය දෙවන වාහන නිෂ්පාදනාගාරය ද ෂැංහයි වල විවෘත කළේ චීන නායකයන්ගේ පූර්ණ අනුග්‍රහයෙනි.


දැන් ට්‍රම්ප් සමග උරණ වූ ඉලෝන් චීනය පිළිගන්නේ පාවඩ දමලාය.ඇමෙරිකාව තුළ නව දේශපාලන පක්ෂයක් අරඔා එරට තට්ටු මාරු ක්‍රමයට බලය හොබවන රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ වලට අභියෝග කොට බලය ලබා ගැනීම ද ඉලෝන් ගේ සිහිනයක්ව තිබෙි. චීනය ඊට දැඩි සහායක් පළ කරන අතර චීනයට පමණක් ආවෙිනික සමාජ මාධ්‍ය තුළ දැනට එම කටයුත්තට දසලක්ෂ 45 ක තරම් විශාල ජනතා ප්‍රතිචාර ලැබී තිබේ.”ඔබ සමග චීනයේ බිලියනයක් සිටී” චීනය ඉලොන් වෙනුවෙන් කැම්පේන් කරන්නේ එහෙමය.


තවද ඉලොන් ගේ මව “මේ මස්ක්” චීනය තුළ ඉතා ජනප්‍රියය. ඇය චීන ඇදුම් ආහාර පාන හා සංස්කෘතිකාංග අගයමින් ඒවා පළිපදිමින් චීන සමාජ මාධ්‍ය තුළ ක්‍රියා කිරීම තුළ ද ඉලොන් ලැබෙන වාසිය අති විශාලය. ඉලොන්ගේ නව පක්ෂය හරහා ඇමෙරිකාවේ බලය පිහිටවා චීනය හා ඇමෙරිකාව ලොව ප්‍රබලම රටවල් දෙක එකමුතුවී ස්ථාපික කරන දේශපාලන ආර්ථික හා යුදමය බලය ගැන චීනය මෙන්ම ඉලොන් ද සිහින මවනු ඒකාන්තය. ට්‍රම්ප් හෝ ඇමෙරිකාව මෙම දෙබරයට ගල් ගසන තෙක් දැන් ලෝකයම අවදියෙන් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...