පුටින් හා ෂිජින් පින් මෙවර BRICS සමුළුව මඟහරියි

0
921

සටහන: සශිකලා මධුෂාණි
ජුලි 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙවර බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවැත්වෙන 17 වන BRICS සමුළුවට චීන ජනාධිපති ෂිජින් පින් හා රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සහභාගී නොවන බව වාර්තා වේ.

ප්‍රධාන නැගී එන ආර්ථිකයන් 10කින් සමන්විත BRICS බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සාමාජිකත්වය දරන අතර 2024 සිට එය ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව සහ ඉරානය ඇතුළත් වන තෙක් ව්‍යාප්ත වී ඇත.

යුක්රේන යුද්ධය හේතුවෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්හට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර ඇති බැවින් දකුණු අප්‍රිකාව මෙන්ම බ්‍රසීලයද ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්සන් කර ඇති අතර එබැවින් ඔහු වීඩියෝ සබැඳියක් හරහා සම්බන්ධ වනු ඇති අතර මෙවර ගෝලීය වශයෙන් දැඩි ප්‍රහාරකයින් දෙදෙනෙකු නොමැති වීම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට විශාල ආලෝකයක් ලබා දෙනු ඇත.

මෙවර සමුළුව තුළ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ජනාධිපතිගේ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ජා වනු ඇති අතර අවසානයේ BRICS ජාතින් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමට නියමිත වේ.