*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

යුපුන්ගෙ START එක මුල මතක තියෙන දරුවෙක් – සුබද්‍රා අරුමතන්ත්‍රී / හැමදේම සැළසුමකට කරපු කෙනෙක් – නාලක ප්‍රසන්න

“ස්කෝලෙදි එකොළහෙන් පහළ තමයි ක්‍රීඩාව ආරම්භ කරන වයස.මම පන්නල
ඉද්දි එහෙම දක්ෂ ළමයි තෝරන්න පහේ පංතියෙ දරුවො පිට්ටනියට ගත්තම
එතැන හොඳට කැපිල පේන උස ළමෙක් හිටියා.ළමයි දුවන්න පේළි ගස්සලා
දුවන්න කිව්වම මේ ළමයි දිව්වෙ නැහැ.අනිත් අය මීටර් 5 ක් විතර ගියාම තමයි
මෙයා දුවන්නෙ.ඒ මම කෑ ගහලා දුවන්න පුතේ කිව්වම.හැබැයි පළවෙනියට ඉවර
කරේ.”
යුපුන් ජිවිතයෙ දුවපු පළමු දවස ආවර්ජනය කරන්නෙ ඔහුව සොයා ගත් සුබද්‍රා
අරුමතන්ත්‍රීය.හුග දෙනෙක්ට අනුව සුබා මිස්ය.
“අදත් මම යුපුන්ගෙ රේස් බලන කොට එයාගේ ස්ටාර්ට් එකේ පොඩි පමාවක්
තියෙනවා වගේ පේනවා.හැබැයි පස්සෙන් එලවලා අන්තිම වෙනකොට තැනට
එනවා.යුපුන් මම හිතන්නෙ හොඳ වේගයක් මුල ගත්තොත් ගොඩක් දේවල්
වෙනස් කරයි.”
ඊට අමතරව සුබා දකින්නේ කුඩා කාලයේ සිටම යුපුන් වගකිමෙන් වැඩ කරන
ළමෙක් බවය.
“එතකොටත් එයාගෙ දෙමව්පියෝ හිටියෙ ඉතාලියෙ.මෙයා ඒ කාලෙන් සමහර
නිවාඩුවලට ඉතාලි ගිහිං අම්මා තාත්තා බලල ආවා කියනවා.දන්න තරමෙන්
තනියෙන් යන්නෙ.ඒ වගෙම මෙයාගෙ පුංචියි,ආච්චියි ළඟ හිටියෙ.ඒ නිසා දරුවට
සමහර වෙලාවට ඒ අයගෙ වැඩ එක්ක පුහුණුවට එන්න අමාරු අවස්ථා
ආවා.ඒත් ඒවා හොඳට කළමණාකරනය කරගෙන යුපුන් දිව්වා,දුර පැන්නා,තුන්
පිම්ම පැන්නා”
සුබා පවසන ආකාරයට අදත් යුපුන් බොහෝ විට තරඟවලට පෙරත් පසුත් ඇයව
අමතයි.
“මේ පාර 9.96 දුවලත් කතා කරා.මට වචන නැහැ.පළමු දවසෙම හිතුවා මේ උස
කොල්ලා රටනම් දිනයි කියලා.ඒත් මේ තරම් දෙයක්…”

සුබා දැඩිව හැඟුම්බර වන්නේය.අද කැපී ඔප වැටි තිබුණ මැණික පාදා, ගත්තේ
ඇයය.ඒ මැණික ලංකාවේ පමණක් නොවේ සමස්ත දකුණු ආසියාවේම
කිසිවෙකුට කිසිදා බිඳිය නොහැකි වාර්තාවක උරුමක්කාරයා වී ඇත.ඒ
පළමුවෙන්ම මීටර් 100 ඉසව්ව තත්පර දහයට අඩු කාළයකින් නිම කර තැන්ත්තා
වෙමින්ය.
“යුපුන්ගේ හොඳම දේ තමයි මුල අමතක නොකිරීම.ඒ හොඳ ගුණාංගත් එයාගෙ
සාර්ථකත්වයට බලපාල ඇති.මම එයාව දුවන්න පනින්න පුළුවන් කියලා හොයා
ගත්තට,සමස්ත ලංකා මට්ටමට ගෙනාවට,ජාතික මට්ටමෙන් ජයග්‍රහණ අරගෙන
දෙන්න බැරි වුණා.ඊට පස්සෙ එයා වෙන්නප්පුව ජෝෂප්වාස් එකට ආවා.
පන්නලට වඩා පුහුණුවට හැම පහසුකමක්ම තියෙන ජොෂප්වාස් එකෙන් තමයි
එයා ජාතික මට්ටමේ ජයග්‍රහණ ගේන්න පටන් ගත්තෙ.අද ලෝකයම දන්න
ලංකාවෙ විතරක් නෙමෙයි දකුණු ආසියාවේම විරයෙක්.මුළු ලෝකයම දන්න,ගරු
කරන දක්ෂයෙක්.”
සුබා ස්වභාවයෙන්ම හැඟුම්බරය.මාතාවකගේ මුදු හිතත් තෙත නෙතත් ඇයගේ
වචන සසල කරයි.හැබැයි දකුණු ආසියාවම අන්ද මන්ද කරමින් ලෝකයට දිගට
හමා යන ප්‍රවේගකාරී පන්නල ජෙට් එක ඇයට හමු නොවන්නට…
ඒ නිසා සුබාගේ අනාගත කියවීම යුපුන්ගේ අද ජයග්‍රහණවල පදනම දැමූ තැනය.
ඉනික්බිති අපට හමුවන්නේ ජයග්‍රහණ සැඟව තිබූ යුපුන්ගේ සිරුර විජයග්‍රාහීව
වැඩ කරන හැටිය.ඒ ජෝෂප් වාස් විද්‍යාලයේදී ය.පුහුණුකරුවා වූ නාලක ප්‍රසන්නට
අනුව පළාත් මට්ටමේ දී දැක තිබුණ යුපුන් යනු තමන්ට පාසලට සමස්ත ලංකා
තරග ජය ගන්නට ලැබුණු හොද ඉල්ලමක්ය.ඒ සිරුර ජයග්‍රහණ වෙනුවෙන්
පහසුවෙන් ක්‍රියා කරවීමට හැකි බව නාලකගේ පුහුණුකරු ඉවට වැටහිණි.
“ඇත්තටම මට ඕනි වුණේ වැඩි පදක්කම් ගණනක් ගන්නෙ කොහොමද කියන
එක හිතන්න.ඒ නිසා මං යුපුන්ව යොදා ගත්තෙ මීටර් 200 ට සහ තුන්
පිම්මට.200 ට දා ගත්තම යුපුන්ගෙ 100 හැකියාව වගේම ඒ ට්‍රේනින් ෂෙඩුල්
එකකම යොදා ගෙන 100 රිලේ එකයි 400 රිලේඑකයි දෙකම දුවගන්නත්
පුළුවන්.එතකොට රන් පදක්කම් හතරක් වගේම ෆර්ස්ට් ප්ලේස්වල ලකුණුත්
එක්ක අපිට සූරකාවයට යන්න පහසුයි”
එවකට සිටි දුලාජ්,ධනුෂ්ක වැනි දුවන්න පනින්න හපන්නු එක්ක ජෝෂප් වාස්
එකට යුපුන් වැන්නෙක් ජයග්‍රහණයේ පාර පළල් කිරීමක් බඳු වී ඇත.සිතූ

හැටියටම යුපුන් නාලකගේ බලාපොරොත්තු ඉටු කරමින් සිය හැකියාව “වාෂියන්”
ජයග්‍රහණවලට මුසු කළේය.
“මුලදි 200 දුවන්න කැමති වුණේ නැහැ.ඇල්බට් එකේ හැංගුණා.එතකොට හිටපු
ගේම්ස් කැප්ටන් චායන අර්ථනායක දාලා තමයි මං මනුස්සයව දුවන්න අරගෙන
ආවෙ.හැබැයි පස්සෙ දිනුවම රහ වැටුණා.ඊට පස්සෙ මම 100 දිවෙව්වා.ඒකත්
හොඳට කරා දිනුවා.හිමාෂත් පැරද්දුවා.ඒත් ඉතිං කොහොම හරි 2013 දි පළවෙනි
මීට් එකට ඉන්දියා යද්දි යුපුන්ට කුමන හෝ විදිහකින් 100 ට සුදුසුකම් ලබන්න
බැරි වෙලා රිලේ එකට තමයි යන්න වුණේ.තුන් පිම්ම කරා.”
නාලක සිහිගන්වන ඒ මතක මාවතේ යුපුන්ගේ ඉතිහාසයට යද්දී 2019 දී යළිත්
එවැන්නක් සිඳු විය.2019 දී යුපුන්ට මීටර් 100 සඳහා තේරීමට අවස්ථාවක් දෙන්න
බලධාරීන්ට හැකියාව නොලැබුණා පමණක් නොව ඒ සඳහා මලල ක්‍රීඩා
පුහුණුකරුවන් ද හරස් විය.අවසානයේ යුපුන් සහය දිවීමේ ජයග්‍රහණයට විශාල
දායකත්වයක් දැක් වූ අතර මීටර් 100 ඉසව්වේ රන් පදක්කම යුපුන්ගේ ගෙලේ
පැළදෙන්නට තිබූ ඉඩ වගේම ශ්‍රී ලංකවට එහි රන් පදක්කම දිනා ගන්නට තිබුණ
ඉඩ ද වැසිණි.
“යුපුන්ලගෙ ඉතාලි සම්බන්ධතා තිබුණට වෙන්නප්පුවෙ තියෙන ඉතාලි පරිසරය
එක්ක යුපුන්ගෙ අධ්‍යාපන අරමුණ පැටලෙයිද කියන චකිතයත් ඇතිව තමයි
පන්නලින් ඔහුව දෙමව්පියන් ජෝෂප්වාස් එකට එව්වෙ.ඒත් යුපුන් හැමදේම
පිළිවෙලට,සැළසුමකට කරන්න දන්න කෙනෙක් නිසා ඔහු තරුණයෙක්ගේ
ජීවිතයෙ තියෙන හැමදේම සැළසුමකට කරගෙන ගියා.ඒ වගෙම ඉතාම හොඳ
සහයෝගයෙන් වැඩ කරන කෙනෙක්.පුහුණුවීම්වලදි පොඩි අයව බලන්න මැදිහත්
වෙනවා.”
ඒත් නාලක පවසන්නේ තමන්ට යුපුන්ව මේ තත්ත්වයට පත් කරන්නට හැකියාව
නොතිබු බවය.ලංකාවෙ එක කරනවට වැඩිය හීන දකින්නට පුළුවන් පොළවක
නාලක නොසිටියත් යුපුන් සිහින දකින සැළසුම් කරන ආකාරයට දුවන්නට
තාත්තාගේ ආශිර්වාදය ඇතිව ඉතාලියට ගිය බව නාලක පවසන්නේය.
“එහෙ එයාට එක එක පැත්ත බලන්න ඒ ඒ විෂයට අදාළව වෘත්තීය මට්ටමෙන්
ඉහළම අය ඉන්නෙ.එතැනට එන්න යුපුන්ට දරන්න ඕනි වියදම තාත්තාත්
නොමසුරුව දරනවා.අපි වගෙ රටකටවත් ඒක දරන්න අමාරු එකක්.මේ වන විට
යම් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් වුණාට එතැනට ළඟාවෙන්න යුපුන්ට පහසු
වුණේ නැහැ”

නාලක පවසන්නේ අද ඔහු සිටින තැනට එනකම්මත්,අදත් පෙන්වන නිහතමානි
කෘතවේදීත්වය අගය කළ යුතුම දෙය බවය.පැමිණි විටකදි තවමත් ගෙදරට
ගොඩ වී යන්න අමතක නොකරන යුපුන් මෙන්ම ජෝෂප්වාස් දුවපු ගෝල
කණ්ඩායම තමන් තාත්තා කෙනෙක් ලෙස ඉතාම කම්පාවට පත්ව අසරණ වූ
මොහොතක තමන් තාත්තා කෙනෙක් වූ තවත් දරුවන් සිටින බව සිහිපත් කරපු
කෘතවේදී උපකාරීත්වයක් සිහි ගැන්වූයේ හැඬුම්බරවය.
“හරියට උගන්නන එකේ රහ අපේ ගෙදරට වුණත් දැණුනෙ එදා.නෝනත් මම
ගෙදර දිහාවත් හරියට නොබලා පුහුණුවට කරපු කැපවීම ගැන එදා තමයි
ඇත්තටම සතුටු වුණේ සහ ඒකෙ වටිනාකම තේරුම් ගත්තෙ.”
නාලක පවසන්නේ තත්පර 9.96 වාර්තා වූ තරඟයේ දී යුපුන්ට හැමදාම වගේ
පමාවෙන ආරම්භය හොඳ මට්ටක තිබුණ බවය.ඒත් ඔහු එයම ඊටත් වඩා
හොඳට හැම තරගයක් වෙනුවෙන්ම කළමණාකරනය කර ගන්නේනම් ප්‍රතිපලය
මීටත් වඩා හොඳ වනු ඇති බවය.
“මට හිතෙන්නෙ මේ ළඟදි යුපුන්ව මීටර් 200ට එයාගෙ කෝච් ගෙනත් ශ්‍රී ලංකා
වාර්තාවත් දිවෙව්වා.සමහර විට ස්ටර්ට් එකේ ප්‍රශ්නය නිසා ඒක මඟ හරවාගෙන
මීටර් 200 දුවන්න පුළුවන් ඉඩ වැඩි නිසා පුහුණුකරු ඒ තීරණය ගත්තා වෙන්න
පුළුවන්.එහෙම වුණොත් එළැඹෙන ඔලිම්පික් එකේ යුපුන්ගේ ඉසව්ව මීටර් 200
වෙන්නත් ඉඩ තියෙනවා.ඇත්තටම මම එහෙම සැළසුම් දන්නෙ නැහැ.මට
සාමාන්‍ය මට්ටමෙන් පුහුණුකරුවෙක් හැටියට දැනෙන දෙයක් කිව්වෙ”
ඉතිහාසයේත් නාලක පවසනාකාරයට යුපුන් යනු “ස්ටාර්ට් එකේදි චුටි ලේට්
එකක්” පෙන්නූ අයෙක්ය.නමුත් ඔහු පරක්කු වුණාට අවසාන කොටසේදී දක්වන
වේගය පුදුම කරවන සුළු එකක්ය.ලංකාවේදී එය පුදුමයක් වුව ලෝකයේ දී
ඔහුට හමුවන්නේම එවැනි පුදුම ගොඩවල්ය.ඒ අතරින් යුපුන්ට දිනන්න අපහසුව
ඇත්තේ විටින් විට ඔහු දක්වන ආරම්යේ ප්‍රමාදයේ වන ඔහුගේම සෘණ ලකුණක
මිස ඔහුට ඇති බැරිකමක නොවේය යන්න නාලකගේ මතයය.
“ඒත් ඔහු පිටුපස ඉන්නෙ වෘත්තීයමය වශයෙන් ඉහළටම ගිය කණ්ඩායමක්.ඔවුන් නිසි
වෙලාවෙදි ඔහුගෙන් අවශ්‍යය කරන සියල්ලම අපූරුවට අර ගනියි.එහෙම වුණොත්
ඇමෙරිකාවෙදි යුපුන් කවුද කියන එක මීට වඩා හොඳට යුපුන් ලෝකයට පෙන්නයි.”
නාලකට ඇත්තේ ලෝක සූරතාවලිය සම්බන්ධයෙන් යුපුන් ගැන විශ්වසනීය
හැඟීමක්ය.සුබාගේ තේරීම ජයග්‍රහණ බවට භෞතීස්ම කිරීම ඇරඹු නාලකට තියෙන ඒ
ඉව යුපුන්ගේ මතක රොත්තක් අස්සෙන් දැනෙන එකකි.අපිද ඒ ඉව ඔස්සේ කියන

විජයග්‍රාහි අපේක්ෂාවට කැමත්තෙන් ජූලි 23 දා ඇරඹෙන ලෝක සූරතාවලිය ගැන
බලාපොරොත්තු පෙරදැරිව ඇමෙරිකාවේ ඔරෙගන් දෙසට හැරි ඉඳිමු.
යුපුන්!
ඔබ දෙකෝටියක ජනතාවට මේ මොහොතේ ලබා දෙන්න තිබෙන හොඳම සංතෝශයේ
හිමිකරුවා වෙන්න.
LNW යුපුන්ට සුබ පතමින් ඉල්ලා සිටිමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan