*
Friday, April 26, 2024
spot_img

Latest Posts

අලුත් පාරකින් බර්මින්ග්හැම් යන “ශ්‍රී ලංකා රගර්”

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය සත් සාමාජික රගර් තරග වෙනුවෙන් සූදානම් වෙන ශ්‍රී ලංකා රගර් කණ්ඩායම ඒ සඳහා අලුත් අත්හදා බැලිම් කරමින් සිටිනවා.එහිදී ඔවුන් විශාල ඉඩක් දෙන්නෙ වික්‍රමාන්විත ක්‍රියාවන් සඳහායි.සටන්කාමිත්වය,දරාගැනීම මෙන්ම අධිෂ්ඨානශීලී වීර්යය වඩවන සුළු ක්‍රියාකාරකම් සමඟ කණ්ඩායම් දෙක ඉදිරියට තල්ලු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි.
මේ වැඩ සටහන යටතේ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් මෑත දවසක කිතුල්ගල ප්‍රදේශයේ එවැනි ක්‍රියාකාරකම් සඳහා වන වැඩ සටහනකට සහභාගි වුණා.එම ක්‍රියාකාරකම්වලට රගර් පන්දුවද යොදා ගනිමින් ඔවුන්ට කුමන තත්ත්වයක වුව රගර් පන්දුව සුරැකිව රඳවා තබා ගැනීමේ සිතුවිල්ල ඇති කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබීමත් වැදගත්.
රගර් පන්දුව ප්‍රතිවාදී බලමුළු බිඳ ඉදිරියට රැඟෙන යාමේ හැකියාව මෙන්ම ඒ ආකාරයෙන්ම බලමුළු බිඳ පෙරට එන්නට උත්සාහ කරන්නා සාමුහිකව එක්ව නවතා ගැනීමේ හැකියාවත් රගර් ජයග්‍රහණයේ සරලම ජයග්‍රාහි සාධකය වෙනවා.මේ කාර්යයන් සඳහා සිරුර සහ මනස හුරු කිරීමට ගන්නා ක්‍රියා මාර්ග සහ තාක්ෂණය අතරට ශ්‍රී ලංකා රගර් ගෙන එන වෙනස්ම අත්දැකිම් සහිත වික්‍රමාන්විත ක්‍රියා සඳහා ක්‍රීඩකයාව යොමු කිරීමත් වැදගත්.එයින් සමූහයක් වෙත ස්වාධින පුද්ගලයෙක් ලෙස අභියෝග කිරීමේ ආත්ම විශ්වාසය මෙන්ම,පිරිසක් විදිහට එකිනෙකා අතර වන අනන්‍යතාවයන් හඳුනාගෙන ඒවා එකතු කොට සමූහ ශක්තියක් නිර්මාණය කරන්නේ කෙසේද යන්නත් වඩාත් ප්‍රායෝගිකව භාවිතයට ගැනෙනවා.ඒ වැදගත්කම අවබෝධ කරගෙන ශ්‍රී ලංකා රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද නොපසුබස්නා වීර්යෙන් තමන්ට පැවරෙන අභියෝග මැඩලන්නට උද්යෝගයෙන් සහ උනන්දුවෙන් මෙන්ම සතුටුදායක ආකාරයෙන් කරන මැදිහත්වීම ද අතිශයින් වැදගත්.
මේ සමඟ දැක්වෙන ඡායාරූප පෙළ ශ්‍රී ලංකා රගර් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කිතුල්ගල ක්‍රියාකාරකම් හා සම්බන්ධයි. RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan