ජනපති නියමයෙන් නිමල් සිරිපාල ඇමති ධුරයෙන් ඉවත් වෙයි

Date:

නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් සේවා අමාත්‍යංශය සහ පෞද්ගලික සමාගමක් අතර සිදු වූ ගනුදෙනුවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

ඒ පිළිබඳව ජනාධිපතිවරයා සිය අවධානය යොමුකර ඇති අතර ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ අදාල චෝදනාව සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදු කරන ලෙසයි.

අදාල පරීක්ෂණ අවසන් වනතුරු අමාත්‍ය ධුරයේ කටයුතුවලින් තාවකාලිකව ඉවත් වන්නැයි ජනාධිපතිවරයා නිමල් සිරිපාල ද සිල්වා මහතාට උපදෙස් ලබා දී තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...