පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය ගොවියන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පන්නා දැමූ හැටි! (VIDEO)

Date:

පොහොර ඉල්ලා ජනාධිපති මන්දිරයට යන්න ගිය සමඟි ගොවි බලවේගයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

පසුගිය කාලය තුළ සිදු වූ වග හානි වලට වන්දි ඉල්ලා අද (06) සමඟි ගොවි බලවේගය කොළඹ මහාධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු කර තිබුණු අතර සිය අවනඩුව පැවසීමට ජනාධිපති මන්දිරය වෙත එම ගොවි පිරිස පැමිණ තිබුණි.

කොටුව ජනාධිපති මන්දිරයට යන මාර්ගයට මාර්ග බාධා යොදමින් අවහිර කර තිබෙන හෙයින් එම මාර්ග බාධක බිඳ හෙළමින් ගොවි පිරිස ඉදිරියට යාමටයි උත්සහ කර තිබුණේ.

කෙසේවෙතත් ඔවුන්ට ඉදිරියට පැමිණීම වැලැක්වීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට සමඟි ගොවි බලවේගය සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් යන මහත්වරුද රැඳී සිට තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...

ජනතාව ඉන්ධන රැස්කිරීම වැළැක්වීමට පොලිසියෙන් පියවර!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග පවතින අර්බුදකාරී...

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...