නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:ශ්රී ලංකාව මේ වන විට යම් දුරකට සහලින් ස්වයංපෝෂිත වී ඇතැයි කෘෂිකර්ම අමාත්ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැවසීය
මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයට ගන්නා සහලින් රට ස්වයංපෝෂිත වී ඇති නමුත් සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්රවලට අදාල දේශීයව වගා නොකරන සහල් වර්ග තවමත් ආනයනය කරන බව අමාත්යවරයා පැවසුවේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් කීරි සම්බා වැනි සහල් හඳුන්වා දී ඇති නමුත් බහුතරයක් ගොවියන් ඒවා වගා කිරීමට යම් අකමැත්තක් දක්වන බැවින් එවැනි සහල්ද ආනයනය කිරීමට සිදුවන බව ඒ මහතා සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම අදහස් පළ කරන ලද්දේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද Agri Taste 2026 ආහාර ප්රදර්ශනයේ සමාප්ති උත්සවය සඳහා ප්රධාන ආරාධිතා වශයෙන් සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්යවරයා ආහාර අපතේ යාම අවම කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ශ්රී ලංකාවේ ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයේදී ආහාර නාස්තියක් සිදු කරන බව අනාවරණය වී ඇතැයි ද පැවසුවේය.
එමෙන්ම සුළු, මධ්යම හා මහා පරිමාණ නිෂ්පාදකයන්ගෙන් තමන් ඉල්ලා සිටින්නේ ආහාර නිෂ්පාදනයේදී අමුද්රව්යක් වශයෙන් සහල් යොදා ගැනීමකෙරෙහි අවධානය යොමු කරන බවයි. ඒ අනුව සහල් සම්බන්ධ ආහාර සංස්කෘතියක් කරා ශ්රී ලංකාව යොමු විය යුතු යැයි ද කෘෂිකර්ම අමාත්යවරයා තවදුරටත් ප්රකාශ කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය තුෂාර වික්රමරත්න මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ආහාර නිෂ්පාදකයන් හා ප්රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස ද මෙම අවස්ථාවට සහභාගී වූහ.


