පළාත් පාලන ආයතන ගැන කැටගොඩගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

Date:

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතන නැවත කැඳවීම සඳහා ඇමතිවරයාට බලය ලැබෙන පරිදි ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා පනත් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව සම්බන්ධයෙන් ඊයේ (05) පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පෙන්වා දුන්නේ මෙම උත්සාහය නීතිවිරෝධී බවයි. ඒ අනුව ඊට එරෙහිව අධිකරණය හමුවට යන බවත් ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙම යෝජනාව “කපුටු යෝජනාවක්” වශයෙනුයි විපක්ෂ නායකවරයා හැඳින්වූයේ.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා මීට පිළිතුරු දීමෙන් සහ හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර් යන මන්ත්‍රීවරුන් ද මීට මැදිහත් වීමෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගත විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...

Farah Khan ඔබට සුබ උපන්දිනක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇත්තටම කවුද...