අද සිට ලොතරැයි මිල ඉහළට. අලෙවිකරුවන්ගෙන් විරෝධතාවක්

Date:

අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයි ටිකට් පත්වල මිල ඉහළ දැමීමට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ අනුව, මෙතෙක් රුපියල් 20ක්ව පැවති ලොතරැයි ටිකට් පතක නව මිල රුපියල් 40ක් වේ.

පවතින අධික පිරිවැය හේතුවෙන් මෙසේ ලොතරැයි මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති නමුත් මිල ඉහළ යාමට සමානුපාතිකව පාරිභෝගික ජනතාවට දිනුම් අවස්ථා ද ඉහළ නංවා ඇති බවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී මෙනුර චතුරංග මහතා සඳහන් කළේ.

මේ අතර මිල වැඩිකිරීමට සාපේක්ෂව කොමිස් මුදල ඉහළ නොදැමීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කළ බව සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා සඳහන් කළේ ලොතරැයි මිල ඉහළ දැමීම නිසා ලොතරැයි අලෙවි කිරීමේදී ගැටලුවක් මතුවන බවත් ලොතරැයි අලෙවිය පහත වැටිය හැකි බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...