දූෂණ විරෝධී පනතත් සම්මත වෙයිද? විපක්ෂයේත් සහය ලැබෙන ලකුණු!

Date:

කොළඹ LNW:දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ කල්තැබීමේ විවාදය අද (06) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර
පසුගිය ජුනි මස 21 වන දින දූෂණ විරෝධී පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පළමු වරට පැවැත්විය.

ඊට සංශෝධන ඉදිරිපත් කිරීමට විපක්ෂ කල් ඉල්ලීම හේතුවෙන් එහි දෙවන වර කියවීම අදට යොදාගැණුනි.

විවාදයෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කරගැනීමට නියමිතව තිබේ.

මේ අතර දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ඉදිරිපත් කළ සංශෝධන රැසකට සාධාරණ හා නීතිගරුක සමාජය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී එකඟතාවය පළ වී තිබුණි.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සඳහා සහාය දැක්වීමට විපක්ෂය තීරණය කර ඇති බව සඳහන්.

සමඟි ජන බලවේගය පවසන්නේ ද සිය පක්ෂය විසින් ඉදිරිපත් කළ සංශෝධන රජය පිළිගෙන ඇත්නම් ඊට සහය දැක්විය හැකි බවයි.

මේ අතර අද රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිඳ කාරක සභාව, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභා රැස්වීම් ද පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...