දැන් රට ස්ථාවර නිසා අපේ ජ්‍යේෂ්ඨයින්ට ඇමතිකම් දෙන්න – පොහොට්ටුව යළි ඉල්ලයි (VIDEO)

මේ වනවිට රටේ තත්වය යහපත් අතට හැරී ඇති බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යේෂ්ඨයින්ට ඇමති ධුර ලබාදිය යුතුය යන්න එම පක්ෂයේ ස්ථාවරය බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

පසුගිය වසරේදී රටේ ඇතිවූ විශේෂිත දේශපාලන තත්වය අනුව එතෙක් අනුගමනය කළ ක්‍රමවලින් බැහැරව වෙනස් ක්‍රමවේදයකට අමාත්‍යවරුන් පත්කිරීම සිදුකෙරුණු බව පැවසූ ඒ මහතා අද වනවිට ඒ දේශපාලන තත්වයන් සාමාන්‍ය අතට හැරී ඇති බවයි සඳහන් කළේ.

එසේම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් යනු පක්ෂය වෙනුවෙනුත් වත්මන් රජයට හිමි වූ ඡන්ද ලක්ෂ 69ක ජනවරම ලබාගැනීම වෙනුවෙනුත් මහත් කැපකිරීම් කළ දේශපාලනඥයින් බැවින් ඔවුන්ට සුදුසු තනතුරු ලැබිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශාන්ත බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (05) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...