විපක්ෂය සහ වෘත්තීය සමිති දන්නේ බිල්ලෝ මවන්න – රංගේ බණ්ඩාර

Date:

කොළඹ LNW:විපක්ෂය සහ වෘත්තීය සමිති බිල්ලන් මැවීමට දක්ෂ බවත් යහපාලන කාලයේ MCC බිල්ලා මවමින් සිට දැන් IMF බිල්ලා මවමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය අපිට නොලැබෙන බවට කියමින් සිටි ඔවුන් එම සහයෝගය ලැබුණු පසු ඒ බිල්ලා දෙවියෙක් කර තිබෙන බවයි මහ ලේකම්වරයා සඳහන් කරන්නේ.

එමෙන්ම මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද බිල්ලා මවා ජනතාව බියට පත්කර තිබෙන බවත් හෙතෙම කියාසිටියි.

”අපේ රටේ වෘත්තීය සංගම්වල නියෝජිතයන් සහ විපක්ෂ කණ්ඩායම් බිල්ලන් මැවීමට බොහොම දක්ෂයි. යහපාලන ආණ්ඩුව කාලයේ MCC බිල්ලා මැවුවා. සියලු දෙනාගේම ඉඩම් මැනලා සින්නක්කර ඔප්පුවක් සමග අයිතිය හැමදෙනාටම ලබා දෙන කොට ප්‍රකාශ කළේ, රටේ හරි මැද්දෙන් තීරුවක් වෙන්වෙලා උතුර වෙනමත්, දකුණ වෙනම කලාපයක් බවට පත්වෙනවා . උතුරේ ඉඳන් දකුණට යන්න නම්, වීසා ලබා ගන්නට අවශ්‍යයි, කියමින් බිල්ලන් මවන්නට උත්සාහ ගත්තා. MCC බිල්ලා රටේ ජනතාව වැළඳගෙන, රටේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරලා, ආණ්ඩු වෙනස් කරන්නටත් රටේ ජනතාව තීරණය කළා. ඒ නිසා අදටත් රටේ ජනතාවට තමන්ගේ ගමට සින්නක්කර ඔප්පු ලබා ගැනීමේ හැකියාව අහිමි වෙලා තිබෙනවා.

ඊළඟට වර්තමානයේ ඇති කරපු බිල්ලා තමයි IMF. විශාල කොන්දේසි ප්‍රමාණයක් තියෙනවා, අපිට රට නැති වෙනවා කියලා බිල්ලෙක් මැව්වා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහයෝගය අපිට ලැබෙන්නේ නැහැ කියපු අය ඒ සහයෝගය ලබා ගත්තට පස්සේ ඒ බිල්ලා දෙවියෙක් කරලා කතා කරන්නට පටන් ගත්තා.

ඊළඟට දේශීය ණය ප්‍රතිව්‍යුගතකිරීම කියන කාරණයේදී බැංකු බිල්ලා මවල රටේ ජනතාව බියට පත් කළා. රටේ බැංකු කඩා වැටෙනවා, බැංකුවල තැන්පත්කරුවන්ගේ තැන්පතු අවසානයි, සේවක අර්ථසාධක අරමුදල තැන්පතු වලට හානියක් වෙනවා. ඒ අනුව රටේ ආර්ථිකයත් බැංකු පද්ධතියත් විනාශ වෙනවයි කියල බිල්ලෙක් මැව්වා. ඒ නිසාම රටේ ජනතාව තමන්ගේ තැන්පතු ඉවත් කරගැනීමටත් පියවර ගත්තා. ඒ බිල්ලා මැවීමෙන් අනතුරුව ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිද්ධ වෙමින් යද්දී බැංකු කටයුතුවලට දින දෙකක් ගත වෙලා තිබෙනවා. ජනතාව දැන් තේරුම් අරගෙන තිබෙනවා, ඒ කියපු ආකාරයේ කිසිම දෙයක් සිද්ද වුණේ නැහැ කියලා. අවසානයේ බැංකු කඩා වැටුණත් නැහැ. තැන්පතුවලට හානියක් උනෙත් නැහැ.

විපක්ෂය ඇතුළු වෙනත් සංවිධාන එකතු වෙලා බිල්ලෙක් මවල රටේ ජනතාව භීතියට පත් කරපු එක විතරයි අවසානයේදී සිද්ධ වුණේ. ප්‍රතිව්‍යුහගත කරණ වීමත් එක්ක සිද්ධ වුණේ කොටස් වෙළෙඳපොළ ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. ඒ වගේම බැංකු පොලිය කෙමෙන් අඩුවෙමින් යනවා. ඒ වගේම උද්ධමනය සියයට 25% – 13% දක්වා සියයට 15 කින් පහළ ගිහිල්ලා තිබෙනවා. ආහාර උද්ධමනය16 % ඉඳන් 4% දක්වා පහල ගිහිල්ලා තිබෙනවා. ඒ අනුව විපක්ෂය සහ වෙනත් කණ්ඩායම් බලාපොරොත්තු වෙන බිල්ලාට ජනතාව බය වුණේ නැහැ. එයින් හොඳක් ඇති වුණ බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ජනතාව අවසානයේ තේරුම්ගෙන තිබෙනවා.වෙනිසියුලාව 285 %ක උද්ධමනයක හිර වෙලා ඉන්නවා. ලෙබනනය සියයට 485 ක උද්ධමනයක හිර වෙලා ඉද්දි ශ්‍රී ලංකාවේ ඉතාම හොදින් ඒකට මුහුණ දෙමින් ඉන්නවා. මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා, බැංකුවල තැන්පතුකරුවන් මිලියන පනස් හතක් ඉන්නවා,කිසිදු කරදරයක් වෙන්නෙ නැහැ කියලා. නමුත් මහ බැංකු අධිපතිවරයා හෝ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉහළින් දේශපාලන නියෝජිතයින් කයිවාරු ගහන්න ට ගිහිල්ලා ජනතාව දැන් ඔවුන් කියන වෙනත් කිසිම දෙයක් පිළිගන්නේ නැති තත්ත්වයටත් පත්වෙලා සිටිනවා.” යනුවෙන් රංගේ බණ්ඩාර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය