රට බංකොලොත් වුණේ කොහොමද හොයන්න පාර්ලිමේන්තු කමිටුවක් – කමිටු සභාපති පොහොට්ටු ලේකම්

Date:

කොළඹ LNW:රට මුහුණ දී සිටින මූල්‍ය බංකොලොත්භාවය සම්බන්ධයෙන් සොයා බලා ඊට හේතු සහ යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කමිටුවක් පත් කර තිබේ.

කථානායකවරයා විසින් අද (06) පාර්ලිමේන්තුවේදී එය ප්‍රකාශ කළ අතර එම කමිටුවේ සභාපති ලෙස පත්කර තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතායි.

ඊට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළකළේ රට බංකොලොත් කිරීම ගැන සොයන්න ආණ්ඩුවේම නියෝජිතයින් පත් කිරීමට විරෝධය දක්වමිනි.

කෙසේවෙතත් තමන්ගේ තීරණයේ වෙනසක් නොමැති බව පැවසූ කථානායකවරයා එහි සෙසු සාමාජිකයින් නම් කර සිටියේය.

ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි,ඩී.වී.චානක,මහින්දානන්ද අළුත්ගමගේ, විජිත හේරත්,අශෝක් අබේසිංහ,හර්ෂණ රාජකරුණා,ජයන්ත කැටගොඩ,ප්‍රදීප් උදුගොඩ,සංජිව එදිරිමාන්න,නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ ශානික්‍යන් රාසමානික්කම් යන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එම කමිටුවට පත් කර ඇත.

කෙසේවෙතත් ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පැවසුවේ කමිටු සභාපතිධූරයට ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරයෙකු පත් කිරීම තුළ මෙය හොරාගේ අම්මාගෙන් පේන අහන තත්ත්වයක් බඳු බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...