අද ආරම්භ වන ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සමුළුව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (06) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  ඉන්දීය සංචාරක නියෝජිතයින්ගේ සමුළුව ආරම්භ වේ. සිය සංගමය ශ්‍රී ලංකාවේ මෙම සමුළුව පවත්වන්නේ වසර 18 කට පසුවයි.

අද සිට 09 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ඉන්දීය ප්‍රධාන පෙළේ සංචාරක නියෝජිතයින් 700කට අධික පිරිසක් සහභාගී වන  අතර මෙම සමුළුව සංගමයේ 67වැනි වාර්ෂික සමුළුවයි.

ඉකුත් අප්‍රේල් මාසයේ දී මෙම සමුළුවේදී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් ශ්‍රී ලංකාවේ පැවැති දේශපාලන අස්ථාවර බව නිසා එය කල් දැමීමට සිදුවිය. මෙම සමුළුවේදී කළාපයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ගැන අවධානය යොමු කිරීමට නියමිතය.

මෙම වසරේ දී ඉන්දීය ප්‍රමුඛ පෙලේ සංචාරක ආයතන ශ්‍රී ලංකාවට සංචාරකයින් දෙගුණයක් රැගෙන එනු ඇතැයි මෙරට සංචාරක ආයතන බලාපොරොත්තුවන අතර , මෙම සමුළුව සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, සංචාරක මෙහෙයුම් සංගමය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අනුග්‍රහය දක්වයි. සමුළුවට ජනපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු සහභාගී වීමට නියමිතයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...