*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මෙරට උස් ගොඩනැගිලි වර්ගීකරණයට ලක් විය යුතුයි  – මහාචාර්ය අතුල සේනාරත්න

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ඇති නව සහ පැරණි ගොඩනැඟිලි විශේෂයෙන් උස් ගොඩනැඟිලි වර්ගීකරණයකට ලක්කළ යුතු බවත් , ඒවා  වර්ගීකරණයේදී පොළොවේ භූ විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන ආකාරයට ගොඩනැඟිලි නිර්මාණය කර තිබේදැයි හඳුනාගැනීමට හැකි බවත්,  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

පසුගිය දිනවල  ශ්‍රී ලංකාවේ සිදුවූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා මේ අදහස් පළ කළා.

පසුගිය කාලයේ සිදු වූ කම්පන නිරීක්ෂණවලින් දැක්කේ ඒ කම්පන සියලුම ඒවා 3.5 ට වඩා අඩු බවයි. ජලාශ හදා තියෙන්නේ මේ තත්ත්වයට ඔරොත්තු දෙන්න. ඒ හින්දා ගැටලුවක් ඇති වෙන්නේ නෑ. නමුත් අනාගතයේදී මෙවැනි කම්පන ඇති වෙනකොට පොළොවේ යම් යම් වෙනස්කම් සිදුවෙනවා. පොළොවේ පස් තට්ටුව බුරුල් වීම වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම විශාල වර්ෂාපතනයක් ඇති වුණොත් නායයාම් වගේ දේවල් වෙන්න පුළුවන්.

ගොඩනැඟිලි වර්ගීකරණයක් ලංකාව පුරාම කළ යුතුයි. ඒ ගැන අවධානය යොමු කළ යුතු කාලය හරි. ඊයේ පෙරේදා අග්නි දිග කලාපයේ සිදුවුණ කම්පන සහ මුහුදු කලාපයේ සිදුවුණ කම්පන ලංකාවේ බොහෝ ප්‍රදේශවලට දැනිලා තිබුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයට බස්නාහිර ප්‍රදේශයට මේ කම්පනය දැනිලා තිබුණා. ඒ කියන්නේ බස්නාහිර පළාතේ උස් ගොඩනැඟිලිවලට අනිවාර්යයෙන් කිසියම් බලපෑමක් ඇති කරන්න පුළුවන් කලාපයේ ගිණිකොන දිග කලාපීය මුහුදු ප්‍රදේශයේ සිදුවන කම්පනවලින්. කම්පන දැනෙන නිසා ලංකාවේ කලාපවල තියෙන උස් ගොඩනැඟිලිවලට හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි අත්‍යවශ්‍යයෙන්ම කරන්න ඕන කාරණයක් තමයි ලංකාවේ තියෙන නව සහ පරණ ගොඩනැඟිලි විශේෂයෙන් උස් ගොඩනැඟිලි වර්ගීකරණයට ලක් කිරීම.

වර්ගීකරණයේදී හඳුනාගන්න පුළුවන් පොළොවේ විද්‍යාත්මක තත්ත්වයන්ට ගැළපෙන විදිහට ගොඩනැඟිලි නිර්මාණය කරලා තියෙනවද? ඒ වගේම භූ කම්පනවලට ගැළපෙන විදිහට නිර්මාණය කරලා තියෙනවාද? ඒකෙන් ගොඩනැඟිලිවල පාදමේ භූ කම්පනවලට ගැළපෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවද කියලා. අධ්‍යයනය කරලා ඒ අනතුරුදායක ගොඩනැඟිලි හඳුනාගෙන අපිට කිසියම් ක්‍රමවේද තියෙනවා මේවා නිවැරදි කරන්න.

ගොඩනැඟිලි නිවැරදි කරලා නිවැරදි කරන්න බැරි ගොඩනැඟිලි අයින් කරලා නැත්නම් ඒ ගොඩනැඟිලි සේවයට ගැනීමෙන් අයින් කරලා අපිට අනතුරුදායක තත්ත්වයන් මගහරවා ගන්න පුළුවන්” 

යනුවෙන් මහාචාර්යවරයා ප්‍රකාශ කළා.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan