*
Friday, September 20, 2024
spot_img

Latest Posts

රට දුප්පත් වුණා පාලකයන් පොහොසත් වුණා – අනුර කියයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කාලයක් මුළුල්ලේ අපේ රට ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුකොට ගෙන  ව්‍යසනයට පත්වූ රාජ්‍යයක් බවත්  , නමුත්  අදත් ආර්ථික අපරාධකරුවන් ඉතාමත් සතුටින්, නිදැල්ලේ සමාජය හමුවේ පෙනී සිටින බවත් ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර  දිසානායක පවසයි .

ඒ පිළිබඳ අද ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය .

අපේ රට ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයකට ලක්වෙලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී පවා ලංකාවේ ආර්ථික අපරාධයක් සිදුවී තිබෙන බව සඳහන් කර තිබෙනවා. මේ ආර්ථික අපරාධකරුවන් නිදැල්ලේ සිටියෙදී, එහි ප්‍රතිවිපාක ගෙවීමට සිදුවී තිබෙන්නේ මේ රටේ ජනතාවට. අද වැඩකරන ජනතාවට තමන්ගේ වැටුප් පතෙන් විශාල ප්‍රමාණයක් බදු ගෙවීමට සිදුවී තිබෙනවා. කුමක් නිසාද? මේ ආර්ථික අපරාධකරුවන් කරන ලද අපරාධයට වන්දි ගෙවීමට. ඒ වගේම සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදලින්  සාමාජික සාමාජිකාවන්ට අද වන්දි ගෙවීමට සිදුවී තිබෙනවා; ආර්ථික අපරාධකරුවන් කරන ලද විනාශය නිසා. අපේ රටේ සාමාන්‍ය පුරවැසියාට භාණ්ඩ මිල ඉහළ යාම, දරාගැනීමට නොහැකි ජීවන විදයම හරහා විශාල පීඩනයකට ලක්වීමට සිදුවී තිබෙනවා, මේ ආර්ථික අපරාධකරුවන්ගේ කරන ලද විනාශයේ ප්‍රතිවිපාක හේතුකොටගෙන.

කාලයක් මුළුල්ලේ අපේ රට, මේ ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයට ලක්වීම හේතුකොට ගෙන  ව්‍යසනයට පත්වූ රාජ්‍යයක්. හැබැයි අදත් ආර්ථික අපරාධකරුවන් ඉතාමත් සතුටින්, නිදැල්ලේ සමාජය හමුවේ පෙනී සිටිනවා. සමහරු ප්‍රභූවරු, සර්ලා, හිටපු ජනාධිපතිවරු, හිටපු ඇමතිවරු, උසස් රජයේ නිලධාරීන්. මේ රටේ විශාල අපේක්ෂාවක්, බලාපොරොත්තුවක් තිබෙනවා, මේ ව්‍යසනයට ඇද දමන ලද මේ ආර්ථික අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීම සඳහා.

මෙතන තිබෙන්නේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නයක්. අපරාධකරුවන් ආරක්ෂා කරන, ඔවුන් නිදැල්ලේ ඉන්න, අපරාධකරුවන් නීති හදන පාර්ලිමේන්තුවක් අප හමුවේ තිබෙනවා. රත්තරං ගේනකොට ගුවන්තොටුපොලේදි අහුවෙලා, පසුවදා පාර්ලිමේන්තුවට ඇවිත් අත උස්සන්න තරම් නිවට නියාලු මිනිස්සු ඇතිවෙලා තිබෙනවා, මේ සංස්කෘතිය ඇතුලේ. ඒ නිසා නීතියෙන් පමණක් විසඳුම් සෙවිය හැකියි මා විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ දේශපාලන හයිය අරගෙන, බදු ගෙවීම් පැහැර හැරි, ස්කාගාර අයිති ඇමතිවරු, මන්ත්‍රීවරු ඉන්නවා. ඔවුන් බදු නොගෙවා ඉන්නවා. ඔවුන් බදු ගෙවීම් පැහැර හැර තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් නිසා නොවෙයි, දේශපාලන ප්‍රශ්නයක් නිසා.

මේ රට දීර්ඝ කාලයක් ආර්ථික අපරාධකරුවන්ගේ ග්‍රහණයට අපේ රට ලක්වී තිබෙනවා. මේකේ ප්‍රතිවිපාක පාසල් යන දරුවන්ට පොත්පත් නැතිවීම, පහසුකම් නැතිවීම, ලෙඩාට බෙහෙත් නැතිවීම, තරුණයාට රැකියාවක් නැතිවීම, දරුවන්ට හරිහැටි ආහාර වේලක් නැතිකම, ගැබිණි මවට ආහාර වේලක් නැතිකම, මේ වගේ විශාල ව්‍යසනයක් ඇතිකර තිබෙනවා, මේ ආර්ථික අපරාධකරුවන්ගේ මැදිහත් විම නිසා. මේ මුහුණ දෙන්නේ ස්වභාවික ව්‍යසනයකට ප්‍රතිඵලයක් නිසා නොවෙයි. භාණ්ඩාගාරයට එන ධනය කෝටි ප්‍රකෝටි ගණන් පාලකයන්ගේ ගෙවල්වලට ඇද්දා. රට දුප්පත් වුණා. පාලකයන් පොහොසත් වුණා. දූෂිතයෙක් කවදාවත් දූෂිතයෙකුට දඬුවම් දෙන්නේ නැති බව අවසාන වශයෙන් පවසනවා”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan