විරෝධතා තහනම් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි !

Date:

හෙට සහ අනිද්දා කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ආසන්නයේ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කොළඹ කොටුම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මෙම ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ කැඳවා තිබූ අතර තහනම් නියෝගයක් නිකුත් කිරීම අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබෙන්නේ යම් අපරාධයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලීසියට බලතල තිබෙන බවයි. එනිසා තහනම් නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ජුලි 09 වැනිදාට ගෝඨා ගෝ ගම අරගලය ආරම්භ කර මාස 03 ක් සම්පූර්ණ වන අතර එදින කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට විරෝධතාකරුවන් සූදානමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...