බොරිස් ජොන්සන්ට ගෙදර යන්න උනේ රනිල් නිසාද ?

Date:

මහජන සහයෝගය නොමැති බව තහවුරු වූ වහාම, එසේ නැතහොත් බරපතල චෝදනාවක් එල්ල වූ වහාම තනතුරුවලින් ඉල්ලා අස්වීම බටහිර රටවල දේශපාලනඥයන්ගේ සාමාන්‍ය පුරුද්දයි. එවැනි ඉල්ලා අස්වීම් සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යය වැනි රටවලින් විටින් විට වාර්තා වේ.

කෙසේ නමුත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ බොරිස් ජොන්සන් එම සම්ප්‍රදායෙන් බැහැර වී දිගින් දිගටම අගමැති තනතුරේ රැඳී සිටීමට උත්සාහ කළේය. ඒ, සිය පක්ෂයේ බහුතර සහයෝගය පවා අහිමි වී ගොස් තිබියදීයි. ඔහු පසුගිය දිනවලදී ප්‍රකාශ කළේ කිසිවෙකුගේ බලපෑමකට යටත්ව ඉල්ලා අස්වීමට කිසිසේත්ම කටයුතු නොකරන බවයි.

කෙසේ නමුත් ඔහුට අන්තිමේදී ඉල්ලා අස්වීමට සිදුවිය. අගමැති ධුරයෙන් පමණක් නොව කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන්ද ඔහු ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

බොරිස් ජොන්සන් සමග කටයුතු කළ නොහැකි බව පවසමින් එරට මුදල් ඇමතිවරයා ඇතුළු ඇමතිවරුන් කිහිප දෙනෙකුද පසුගියදා ඉල්ලා අස් වූ අතර අගමැතිවරයාට ගෙදර යන්නැයි තවත් ඇමතිවරුන් රැසක්ම බලපෑම් සිදුකර තිබිණි. අවසානයේදී නීතිපතිවරයාද ඔහුට විරුද්ධවීමෙන් පසුව තවදුරටත් අල්ලාගෙන සිටීමට නොහැකි බව ජොන්සන් තේරුම් ගෙන තිබේ.

මැයි මස 30 වැනිදා බොරිස් ජොන්සන් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග දුරකතන මාර්ගයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා පොරොන්දු වූ බවයි රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

රනිල් වික්‍රමසිංහ මහතාද ලෙහෙසියෙන් තනතුරු අතහැර නොයෙන දේශපාලනඥයෙකු ලෙස ලොවපුරා ප්‍රසිද්ධය. එවැනි පුද්ගලයෙකු සමග කතාබහ කර මාසයක් ගතවෙද්දී බොරිස් ජොන්සන්ට අගමැතිකමත් පක්ෂ නායකත්වයත් අතහැර ගෙදර යාමට සිදුව තිබේ.

කවුරුන් ගෙදර ගියද රනිල් වික්‍රමසිංහ මහතා නම් පෂ නායකත්වය අතහැර දමා ගෙදර නොයනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...