විරෝධතා තහනම් කරන්නැයි පොලීසිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි !

Date:

හෙට සහ අනිද්දා කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ආසන්නයේ විරෝධතා පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි පොලීසිය කොළඹ කොටුම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සිදුකළ මෙම ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා හමුවේ කැඳවා තිබූ අතර තහනම් නියෝගයක් නිකුත් කිරීම අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වන්නේ.

පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබෙන්නේ යම් අපරාධයක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලීසියට බලතල තිබෙන බවයි. එනිසා තහනම් නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව අතිරේක මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ජුලි 09 වැනිදාට ගෝඨා ගෝ ගම අරගලය ආරම්භ කර මාස 03 ක් සම්පූර්ණ වන අතර එදින කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට විරෝධතාකරුවන් සූදානමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...