බටහිර එක්සත් ජනපදයේ උෂ්ණත්වය 100F ඉක්මවයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බටහිර එක්සත් ජනපදයේ උෂ්ණත්වය ඉතා භයානක ලෙස ඉහල යමින් පවතින අතර මිලියන 130 ක පමණ ජනතාවක් උෂ්ණත්වය ඉහළයාමේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ජිවත් වේ.

ජාතික කාලගුණ සේවයේ (NWS) කාලගුණ විද්‍යාඥ Jacob Asherman මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, තාපය සහ ආර්ද්‍රතාවය පැසිෆික් වයඹ, මැද අත්ලාන්තික් සහ ඊසානදිග කොටස්වල ෆැරන්හයිට් අංශක 100 (සෙල්සියස් අංශක 38 ක් පමණ) දක්වා ඉහළ යා හැකි බවයි.

ඒ අනුව, පැසිෆික් වයඹදිග කලාපයේ, ඔරිගන් ප්‍රාන්තයේ ඉයුජින්, පෝට්ලන්ඩ් සහ සේලම් ඇතුළු නගරවල උෂ්ණත්ව වාර්තා බිඳ වැටෙණු ඇති අතර උණුසුම් රාත්‍රීන් මිනිසුන්ට තාප ආතතියට පත්වන බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත. අතර ඇරිසෝනා හි අවම වශයෙන් එක් දරුවෙකු දැනටමත් තාපය ආශ්‍රිත තත්වයන්ගෙන් මිය ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඉහල යනු ඇති බව අපේක්ෂා කෙරේ.

ලැවුගිනි ඇතිවීමේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ අද(08)වන විට ඩෙත් නිම්නයේ උෂ්ණත්වය 128F (53C) දක්වා ඉහල යා හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව ඇති අතර මෙම තත්වය ලබන සතිය දක්වාම පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...