*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

මහජනයාගේ සර්වජන ඡන්ද අයිතිය උදුරගන්න ලෑස්ති වෙන්න එපා.ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබෙයි – චම්පික

කොළඹ LNW:මේ මොහොතේ මහජනයා තම සර්වජන ඡන්ද අයිතිය ප්‍රකාශ කිරීමට උනන්දුවෙන් සිටින බවත් 2023 පළාත් පාලන මැතිවරණය හරහා එම අයිතිය උදුරාගත්තා සේම මෙම ජනාධිපතිවරණයේදීත් ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීමට ගිය හොත් රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ කොලොන්නාව ආසනයේ මහාවෙල වසමේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රාදේශීය නියෝජිත හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම හමුව කැලණිවැලි කලාප සංවිධායක බෝසෙත් කළහේපතිරණ මහතා විසින් සංවිධානය කළ අතර ඒ සඳහා කොලොන්නාව ආසන එක්සත් ජනරජ පෙරමුණේ සම්බන්ධීකාරක කපිල බණ්ඩාර, හිටපු සංවිධායක නීතිඥ ගීත් ආටිගල, පක්ෂයේ කාන්තා නායිකා ධාන්‍යා සමරසිංහ, බොරැල්ල ආසන සම්බන්ධීකාරක කිංස්ලි පෙරේරා, කොලොන්නාවේ හිටපු සම්බන්ධීකාරක දිනේෂ් මධුරසිංහ හා වසමේ රැස්වීම සංවිධානය එරන්ද යන මහත්ම මහත්මින්ද සම්බන්ධ විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“ජනධිපතිතුමාගේ ධූර කාලය අවුරුදු පහ නෙමෙයි අවුරුදු හයයි කියන පදනම මත උසාවියට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් මැතිවරණයට ඉදිරිපත් වෙන වෙලාවේ රටේ මිනිස්සු ඡන්දේ දුන්නේ අවුරුදු පහක් එතුමාගේ ධූර කාලය කියලා. ඒක 2019 දී මේ රටේ පාර්ලිමේන්තුවේ සාතිශය බහුතරයක් විසින් සම්මත කරන ලද ව්‍යවස්ථා සංශෝධනයක් හරහා සිදුකලේ. ඒක නිසා කිසිම ඉඩකඩක් නෑ තව අවුරුද්දක් දික් කර ගන්න. මොකද ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේ සමස්ත අරමුණ වුණේ අවුරුදු 5 ක බලයක් ලබාදීම. මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේ වෙනුවෙන් උසාවියේ මතය විමසුවා. උසාවියේ මතය වුණේ එතුමාගේ ධූර කාලය අවුරුදු පහයි. මොකද පාර්ලිමේන්තුව අනුමත කරපු ව්‍යවස්ථාවට අනුව. රටේ මහජනයා ඉතාමත්ම ඕනෑකමින්, උනන්දුවෙන් බලන් ඉන්නවා. තමන්ගේ සර්වජන ඡන්ද අයිතිය පාවිච්චි කරන්න ඉතා ඉක්මනින්. 2023 මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය හරහා ඒක කරන්න තිබිච්ච අයිතිය උදුර ගත්තා. ඒක නැවත උදුරා ගන්න ගියොත් මේ රටේ ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග වලට තටු ලැබීමක් වෙනවා. ඉතාම භයානක සමාජ පැතිරීමක් සිද්ධ වෙන්න නියමිත බව පමණක් අනතුරු අඟවන්න ඕනේ. මෙවැනි කල් දමා ගැනීම 1975 මැතිනිය කරා, 1982 ජයවර්ධන ජනාධිපතිතුමා කළා. ඒ හැම දේකින්ම සිද්ධ වුණේ රටේ ව්‍යසන වැඩි දියුණු වීම පමණයි.

ඒ වගේම මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව යම් යම් අදහස් පළ කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ද්විපාර්ශික ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා කියලා රජයෙන් ප්‍රකාශ කළා.ඊට සමාන්තර දෙයක් සිදු කළා කියලා මහ බැංකු අධිපතිවරයා කියලා තියෙනවා. මෙතෙන්දි වැදගත් කරුණු දෙකක් තියෙනවා. ඒක තමයි ලබාගත් ණය වල ප්‍රමාණය කප්පාදු කිරීම. ඩොලර් සීයක් ගත්තා නම් ඩොලර් අසූවක් ගෙවන්න එකඟවීම. ඒ වගේම ණය ගෙවන්න තියෙන කාලය කල් දමා ගැනීම. අවුරුදු දහයකින් ගෙවන්න තියෙන එක අවුරුදු පහළොවකින්. ඒ හරහාත් වර්ෂයකට ගෙවන්න තියෙන ප්‍රමාණයේ බර අඩුවීමක් සිද්ධ වෙන්නේ. ඉතින් 28% කියලා මේ ලබාදීලා තියෙන්නේ අපේ දළ ජාතික ආදායමට සාපේක්ෂව. ඒ කියන්නේ මූල්‍ය අරමුදල විසින් අපේ දළ ජාතික ආදායම ඩොලර් 88 ක් පමණ කියන තැන ඉඳගෙනයි ඔය 28% ඇවිල්ලා තියෙන්නේ. ඒක ඊට වඩා වැඩි වුණොත් එහෙම 28% වෙන්නේ නෑ. ඒක ඇතැම්විට 15% වෙන්නත් පුළුවන්. ඒ වගේම දළ ජාතික ආදායම ඩොලර් වලින් මනින ක්‍රියාවලියේදී අපේ කොච්චර රුපියල් ප්‍රමාණයක් තියෙනවද නාමිකව. ඩොලරයට රුපියල දරණ අනුපාතය මොකක්ද කියන වගේ කාරණාත් වැදගත් වෙනවා. ඒක නිසා මේ කැපුවාය කියන එක එහෙම්මම පිළිගන්න පුළුවන් කාරණයක් නෙවෙයි. නමුත් එවැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ විදේශ රටවල් හා ඒ වෙළඳපොලෙන් ගත්ත ණය සමඟ එකඟතාවයක් ඇතිකර ගැනීම ඉතාමත්ම වටිනවා. මොකද රටට මූල්‍ය ස්ථායිකරණයක් ඇතිකර ගැනීම සඳහා. මේ සැප්තැම්බර් මාසේ ඉඳන් ඒ ණය ආපසු ගෙවීමට යෙදිලා තියෙනවා. 2029 ඉඳන් ද්විපාර්ශ්වික ණයක් ගෙවන්න අපට සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පොඩි සැකයක් ඇතිවෙලා තියෙනවා. මැතිවරණයක් එන නිසා රජයත් හදිස්සි වුණාද? මේ සඳහා අපි පත් කරලා තියෙන විදේශ ආයතන දෙක, ඒගොල්ලන්ගේ වගකීම ඉටු කරලා මෙතනින් අයින් වෙන්න හදිස්සියකින් කටයුතු කළාද? කියන ගැටලුව පැන නැගිලා තියෙනවා. ඒ නිසා අපට ලැබෙන්න තිබිච්ච වාසිදායකම දේද ලැබුණේ කියන ප්‍රශ්නය, මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ තියෙනවා. කෙසේ නමුත් ණය දැන් 2039 වෙනකන් ගෙවන්න තියෙනවා. ඒ සඳහා රට සූදානම් කරලා නෑ මේ තියෙන ආර්ථික වැඩපිළිවෙළ යටතේ.2028 වෙනකොට පවතින ආණ්ඩුව කවරක් වුණත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරපුවා එකවර ගෙවන්න වෙනවා. ඒ වගේම විදේශීය ණයවල බරපතල ප්‍රමාණයක් ගෙවන්න පටන් ගන්නෙත් 2029 ඉඳන්. ඒ දක්වා කාලය තුළත් යම් ප්‍රමාණයක් අපට ණය ගෙවන්න සිද්ධ වෙනවා. අපිට අපේ ඩොලර් උත්පාදනයත්, ආර්ථිකයත් වැඩි දියුණු කරගන්නේ නැතුව මේ කප්පාදුව ගැන විතරක් සතුටු වෙලා ගමන් කරන්න බෑ. සියලුම දේශපාලන නායකයෝ තමන් කොහොමද රටේ ආදායම වැඩි කරන්නේ, තමන් කොහොමද රටේ වියදම පාලනය කරන්නේ? මොනවද රටේ මහජනයාගේ ආදායම් වැඩි කරන්න ගන්න , රටේ ඩොලරු උත්පාදනය වැඩි කරන්න ගන්න ක්‍රියාමාර්ග කියන එක පැහැදිලිව රටට කියන් නැත්නම්, නැවත වතාවක් රටේ ජනතාව මේ මුලාවට හසු වෙනවා. ඒ බවටත් අපි අනතුරු අඟවනවා.” යනුවෙන් රණවක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan