රාජ්‍ය ණයවල අඩු වීමක්!

Date:

කොළඹ LNW:2024 අප්‍රේල් මස අවසන් වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තොගය 2.76% (රුපියල් බිලියන 803.2) කින් අඩු වූ අතර, 2023 දෙසැම්බර් 31 දින රුපියල් බිලියන 29,150.4 සිට 2024 අප්‍රේල් 30 වන දින රුපියල් බිලියන 28,347.2 දක්වා අඩු වී තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මුළු විදේශ ණය තොගය රුපියල් බිලියන 12,076.7 සිට රුපියල් බිලියන 10,963.3 දක්වා 9.2%ක (රුපියල් බිලියන 1,113.4) අඩුවක්ද සිදුව තිබෙන අතර මුළු දේශීය ණය තොගය රුපියල් බිලියන 17,073.7 සිට රුපියල් බිලියන 17,383.9 දක්වා 1.8% (රුපියල් බිලියන 310.2) කින් සුළු වැඩිවීමක් පෙන්නුම් කර ඇත.

මෙම දේශීය ණය වැඩිවීම මහ බැංකු මූල්‍යකරණයෙන් තොරව අයවැය කළමනාකරණය කිරීමට අප දරන උත්සාහයේ ප්‍රතිඵලයක් වන අතර විනිමය අනුපාතිකය ශක්තිමත් වීම විදේශ ණය තොග අඩුවීමට හේතුක් වී තිබෙන බවයි සේමසිංහ මහතා තවදුරටත් සඳහන් කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...