ආන්දෝලනාත්මක ප්ලග් බේස් ටෙන්ඩරය ගැන ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයෙන් කරුණු පැහැදිලි කිරීමක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ දිනවල ආන්දෝලනයට ලක්ව ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධති සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක (Power distribution units) 700ක් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ප්‍රසම්පාදනයේදී සුදුසුකම් ලැබූ ලංසු අතරින් සාරානුකූලව ප්‍රතිචාර දැක්වූ අවම පිරිවැය ඉදිරිපත් කළ සමාගම හඳුනාගැනීම මිස මෙතෙක් කිසිසේත්ම අවසානාත්මක ප්‍රදානයක් හෝ ගෙවීමක් සිදුකර නොමැති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම ලංසු ඉදිරිපත් කර මූලික අවශ්‍යතා අසම්පූර්ණ වීමෙන් අසමත් වූ පිරිස් හා සෙසු පාර්ශ්ව විවිධ මාධ්‍ය මගින් දක්වා සිටි පරිදි අසාමාන්‍ය මිලකට මෙම ඒකක මිලදී ගැනීමට කටයුතු කර ඇති බවටත් රජයට හිතවත් ව්‍යාපාර වෙත අයථා වාසි ලබාදීමට කටයුතු කර ඇති බවටත් එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එම අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

නීතීඥ ජගත් ලියනාරච්චි තොරතුරු දැනගැනීමේ කොමිසමෙන් ඉල්ලා අස්වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ...

පොලිස් වෙඩි පහරින් සැකකරුවකු මරුට ! (VIDEO)

වැලිකන්ද ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසකට මන්නයකින් පහරදීමට පැමිණි පුද්ගලයකු...

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...