RTI යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ නිලධාරීන්ගේ නම් ලබාදෙන්න බෑ කියයි !

සටහන – රුවන් නෙළුගොල්ල

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ජනාධිපති මාධ්‍ය අංශයේ සේවය කරන නිලධාරීන්ගේ නම් ලබාදීම ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් ඉදිරිපත් කළ තොරතුරු අයදුම්පතට පිළිතුරු දෙමින් ජනාධිපති ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ජී. පී. එම්. එම්. කුමාරසිංහ විසින් මේ බව දැනුම් දී ඇත.

1.ජනාධිපති මාධ්‍ය අංශයේ සියලු තනතුරු
2.ඒවාට පත්කල අයගේ නම්
3.පත්වීම් දිනය
4.එක් එක් තනතුර සදහා වන වැටුප
5.එක් එක් තනතුර සදහා වන වෙනත් මූල්‍යමය දීමනා, වාහන සහ ඉන්ධන දීමනා හෝ පුද්ගලික කාර්‍යමණ්ඩල දීමනා

යන තොරතුරු තමන් ඉල්ලා සිටි අතර එහිදී සමහර තොරතුරු ලබාදීම මගහරිමින් අක්‍රමවත් සහ සම්පූර්ණ නොවන තොරතුරු ලබාදී ඇති බවයි අයදුම්කරු වන අනුරුද්ධ බණ්ඩාර සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...