ලෝක ශ්‍රේණිගත කිරීම්වලට තල්ලුවක් දෙන ඉන්දුනීසියානු තරගාවලියට ලංකාවෙන් 41 ක්

Date:

නිශ්මං රණසිංහ ජූලි 08, කොළඹ LNW:

අවුරුදු 19න් පහළ, අවුරුදු 17න් පහළ සහ අවුරුදු 15න් පහළ වයස් කාණ්ඩ ඇතුළත් වන, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලෝක ශ්‍රේණිගත කිරීම් ඉහළ නංවාගැනීම සඳහා වැදගත්, කලාපයීය ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් ලෙස ගැනෙන,ඉන්දුනීසියාවේ පැවත්වෙන යොනෙක්ස් සන්රයිස් කනිෂ්ඨ ජාත්‍යන්තර ගෝන් ප්‍රී බැඩ්මින්ටන් ශූරතාවලියට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 41 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායමක්,එක්වී සිටිති.

මෙම මස 8 වැනිදා සිට 13 දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවර බින්ටාරොහි පෙම්බන්ගුනාන් ජයා රායා බැඩ්මින්ටන් පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ශූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවෝ 22 ක් සහ ක්‍රීඩකයෝ 19 ක් ඇතුළත් වෙති. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ හා ආසියානු බැඩ්මින්ටන් හි අනුමැතිය යටතේ මෙම ශූරතාවලිය සංවිධාන කරනු ලබන්නේ ඉන්දුනීසියානු බැඩ්මින්ටන් සංගමය විසිනි.
ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් සංචිතයෙන් ක්‍රීඩකයන් 8 දෙනකු තරගාවලියේ
පිරිමි ඒකල තරග ඉසව්ව නියෝජනය කරන අතර, ක්‍රීඩිකාවෝ 11 දෙනකු
කාන්තා ඒකල තරග ඉසව්වට එක්වී සිටිති. පිරිමි යුගල තරග ඉසව්වට
ක්‍රීඩකයන් 16 දෙනකුත්, කාන්තා යුගල තරග ඉසව්වට ක්‍රීඩිකාවෝ 17 දෙනකුත්
සහභාගි වෙති.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ නිලධාරීන් 8 දෙනකු ද සංචාරයට එක්වී සිටින
අතර, ඒ අතරින් හරිඳු උදයංග, මොහොමඩ් ෂිෆාඩ්, නිලූෂ පෙරේරා සහ සුසන්ත
විජේන්ද්‍ර පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. ශ්‍යාමලී රත්නායක කණ්ඩායමේ
කළමනාකාරිනිය ලෙසත්, ක්‍රීඩිකාවන් බාර නිලධාරිනිය ලෙසත් කටයුතු කරන
අතර, තරංගා ජයනෙත්ති සහ ෂශිකලා අමරසිංහ ක්‍රීඩිකාවන් බාර අතිරේක
නිලධාරිනියන් ලෙස කටයුතු කරති. ඊට අමතරව ධම්මිකා පලඟසිංහ ද සහාය
නිලධාරිනියක ලෙස කණ්ඩායමට එක්වී සිටී.
කාන්තා කණ්ඩායම – අමායා නවරත්න, ලෙහන්සා ජයසූරිය, දිහන්සා
උමගලිය, විනුති රණසිංහ, රිසිනු අමුගොඩ, සනුදි නෙවින්‍යා, යෙනාරා
වික්‍රමසිංහ, මතීෂා ද සිල්වා, නිශේලි සමරරත්න, මියැසි විතානගේ, යෙනුලි
ලියනගේ, සහේලි කලුතරආරච්චි, අබිමානි පද්ම බණ්ඩාර, චතුමි
කවිහාර, තෙනුකි ද සිල්වා, සනුකි තෙහන්සා, සනුති ගුරුසිංහ, නිතිනි ගුරුගේ,
මනුලි මෙතාරා, වෙත්මි නෙහාරා, තනුකි කුලතුංග, තෙරුනි ගුණරත්න.
පිරිමි කණ්ඩායම – යසිරු ජයවර්ධන, හංසක රණසිංහ, රන්හිරු
මදුරාවල, දිනේන්ද්‍ර රොඩ්‍රිගෝ, සිතික රෙසඳුල්, විහාස් යාපා, ඩිමල් විතාන, තිසල්

වඩුගේ, දෙව්මින් පෙරේරා, සදේව මනිමේන්ද්‍ර, සනුත් පලඟසිංහ, නවීන්
ගීකියනගේ, හරිඳු වේරදූවගේ, යසිත් ද සිල්වා, ලක්මිත පීරිස්, සනූජ
බණ්ඩාර, සදෙව් කංකානම්ගේ, පමුදු රන්දිලිගම, සෙනුද රාජපක්ෂ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

CID සහ FCID ට අමතරව PCID නමින් අලුත් ඒකකයක්

සටහන - රුවන් නෙළුගොල්ල අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය කිරීම...

ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් දැඩි සත්කාර ඒකකයට !

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සියල්ලටම ප්‍රධාන වන්නේ ඔබගේ සිතුවිල්ලයි:සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂක සංජීව පුෂ්පකුමාර

ඔබට අවශ්‍යයවන්නේ මිනිසෙකුට අකමැතිවීමට පළමුව ඒ සදහා අවශ්‍යවන සිතුවිල්ලයි....

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි!

රෂිකා හෙන්නායක අගෝස්තු 23 කොළඹ LNW: හිටපු මහ බැංකු අධිපති...