ඉන්ධන පෝලිමක ගැටුමකින් එක් අයෙකු මරුට. තිදෙනෙකුට තුවාල !

Date:

ඊයේ (07) රාත්‍රියේ ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක සිදුවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රියේ අදාළ පිරවුම්හල කරා පැමිණි බටදූව ප්‍රදේශයේ පුද්ගලයකු තම මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබුණු ස්ථානයකින් තම මෝටර් පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කර ඇති අතර පෝලිමේ පසුපස සිටි පිරිස ඊට විරෝධය පළකර තිබේ.

එහිදී යම් ගැටුමක් ඇතිව තිබෙන අතර ඔහු ඒ පිළිබඳව තම හිතවතුන් පිරිසකට දැනුම් දී ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එහි පැමිණි පිරිසක් පෙරකී බටදූව ප්‍රදේශයේ පුද්ගලයා සමග ගැටුණු අයට පහරදීමට පටන්ගෙන ඇති අතර එයින් පෝලිමේ සිටි තිදෙනෙකු සහ පහරදීමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුත් බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව, යටගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසිම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...