ඉන්ධන පෝලිමක ගැටුමකින් එක් අයෙකු මරුට. තිදෙනෙකුට තුවාල !

Date:

ඊයේ (07) රාත්‍රියේ ගාල්ල, මාගල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල පෝලිමක සිදුවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ රාත්‍රියේ අදාළ පිරවුම්හල කරා පැමිණි බටදූව ප්‍රදේශයේ පුද්ගලයකු තම මිතුරෙකුගේ වෙළඳසලක් ඉදිරිපිට ඉඩ තිබුණු ස්ථානයකින් තම මෝටර් පෝලිමට ඇතුළු කිරීමට උත්සාහ කර ඇති අතර පෝලිමේ පසුපස සිටි පිරිස ඊට විරෝධය පළකර තිබේ.

එහිදී යම් ගැටුමක් ඇතිව තිබෙන අතර ඔහු ඒ පිළිබඳව තම හිතවතුන් පිරිසකට දැනුම් දී ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එහි පැමිණි පිරිසක් පෙරකී බටදූව ප්‍රදේශයේ පුද්ගලයා සමග ගැටුණු අයට පහරදීමට පටන්ගෙන ඇති අතර එයින් පෝලිමේ සිටි තිදෙනෙකු සහ පහරදීමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකුත් බරපතළ තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පිරිස කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු මියගොස් ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව, යටගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හොංකොං අධිකරණය කුමන්ත්‍රණ චෝදනා මත Jimmy Lai වරදකරු කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුළුල් ලෙස පරීක්ෂා...

අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : යුධ හමුදාවේ සහයෝගය...

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...